ලිහිණිගේ ඇග අල්ලන්න ලිහිණි ලඟට ගිය පේෂලට වුණු වස ලැජ්ජාව කැමරාවෙන් රටටම පෙන්වයි ශානිකා පෙෂලව චාටර්ම කරයි

ලිහිණිගේ ඇග අල්ලන්න ලිහිණි ලඟට ගිය පේෂලට වුණු වස ලැජ්ජාව කැමරාවෙන් රටටම පෙන්වයි ශානිකා පෙෂලව චාටර්ම කරයි

නත්තල් දවසේ පේෂලට සිදුවුණු දේ පේෂල ලජ්ජාවට පත්වුණු හැටි මෙන්න කවුරුත් දන්නා ලිහිණි ශලනි ලගට ගිය පෙස්හලට පැමිණ සිට්‍ අනිත් අයගෙන් ලැබුණු දේ මෙන්න

ලිහිණිගේ ඇග අල්ලන්න ලිහිණි ලඟට ගිය පේෂලට වුණු වස ලැජ්ජාව කැමරාවෙන් රටටම පෙන්වයි ශානිකා පෙෂලව චාටර්ම කරයි

ලිහිණිගේ ඇග අල්ලන්න ලිහිණි ලඟට ගිය පේෂලට වුණු වස ලැජ්ජාව කැමරාවෙන් රටටම පෙන්වයි ශානිකා පෙෂලව චාටර්ම කරයි

නත්තල් දවසේ පේෂලට සිදුවුණු දේ පේෂල ලජ්ජාවට පත්වුණු හැටි මෙන්න කවුරුත් දන්නා ලිහිණි ශලනි ලගට ගිය පෙස්හලට පැමිණ සිට්‍ අනිත් අයගෙන් ලැබුණු දේ මෙන්න

මන්ත්‍රීකමක් නොදෙනවානම් ඡන්දෙට කළින්දා පිටකොටුවේ ස්ටේෂන්එක ඉස්සරහා නිරුවතින් උද්ඝෝෂණය කරනවා.එකෙන් මහින්දගේ ඡන්ද ලක්ෂ 10ක් කඩනවා.

මධූෂාගේ කතාවක් ගැන සමාජජාල මාධ්‍යයන්වල කතාවෙන්න පටන් අරන් තියෙනවා..මධූෂා රාමසිංහ මෙවර පොදුජන පෙරමුණෙන් ඡන්ද සටනට පිවිසෙන්න හැදුවත් පක්ෂයෙන් ඊට අනුමැතිය ලැබුණේ නැහැ…

මේ නිසා මධූෂා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශයක් තමයි කතාබහට ලක්වෙලා තියෙන්නේ.

එම ප්‍රකාශයයි මේ.

“ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් නොදෙනවානම් ඡන්දෙට කළින්දා පිටකොටුවේ ස්ටේෂන්එක ඉස්සරහා නිරුවතින් උද්ඝෝෂණය කරනවා.

එකෙන් මහින්දගේ ඡන්ද ලක්ෂ 10ක් කඩනවා.මහින්දට පාරේ බැහැල යන්න බැරිවෙන්න වැඩ කරනවා.මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉස්සරහ තනියෙන් උද්ඝෝෂණය කරපු මට ඕක මහ කජ්ජක් නෙමෙයි.

ඒවගේම ලෝකේ ගොඩක් රටවල්වල ෆෙමිනිස්ට් කාන්තාවන් නිරුවතින් උද්ඝෝෂණය කරනවා.මේ රටේ මෝඩ ලිං මැඩියන්ට නම් ඕක අලුත් දෙයක්”

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.

 

TRAINING ඇවිත් සිංදු අහන ක්‍රීඩකයින්ට ඉසරහට ගෙදර යන්න වෙනවා පුහුණුකරු චන්දික හතුරුසිංහ ක්‍රීඩකයින්ට පළමු දිනයේම අනතුරු අගවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙහෙයවූ පළමු පුහුණු සැසිය පැවැත්වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ඊට බංග්ලාදේශ තරග සංචාරය සඳහා නම් කළ මූලික සංචිතයේ ක්‍රීඩකයන් සියලුදෙනාම පාහේ එක්ව සිටියා.

සංචිතයට ඇතුලත් නොවූ ලසිත් මාලිංග ද අද පුහුණුවීම් සඳහා පැමිණ සිටීම කැපී පෙනුනා.

පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ චන්දික හතුරුසිංහ.

 

රිය අනතුරු වැඩි නිසා ඉදිරියේදී අලුතෙන් ලයිෂන් ගන්න අයට වෙන්න යන අලුත්ම දේ මෙන්න මේකත් දැනගෙනම යන්න

ලබන වසරේ සිට රියැදුරු බලපත්‍ර ලබාගන්නා පුද්ගලයින්ට දිනක වැඩමුළුවකට සහභාගිවීම අනිවාර්ය කිරීමට මාර්ග ආරක්‍ෂාව පිළිබද ජාතික සභාව සූදානම් වනවා. දිනෙන් දින සිදුවන අනතුරු ප‍්‍රමාණය ඉහළයාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසා සිටියා.

මේ වර්ෂයේ අනතුරුවලින් මියගිය දෙවන වැඩිම පිරිස වාර්තා වන්නේ පදිකයින් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඔවුන් වෙනුවෙන් වැඩසටහන් රාශියක් සංවිධාන කිරීමට බලාපොරොත්තු වන බවයි මාර්ග ආරක්‍ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මෙම වසරේදීත් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ යතුරුපැදි අනතුරුවලින් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මෙම වසරේ මේ දක්වා කාලය තුළ යතුරු පැදි අනතුරුවලින් මියගිය ගණන 1,145 ක්. එය ඉකුත් වසරට සාපේක්‍ෂව මරණ 22 ක වැඩිවීමක් වනවා.

උසස්පෙළ දෙවතාවක් අසමත්වී බින්දුවට වැටුණු තරුණයා අද ලංකාවේ ප්‍රකෝටි පතියන් දස දෙනා අතර මේ ඔහු කියන ඔහුගේ ජිවිත කතාව

හමර් අවුඩි බෙන්ස් වාහන රැසක හිමිකරු ලෙස හඳුන්වමින් පසුගිය දිනවල අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ කෙනෙක් ලෙස ලසන්ත වික්‍රමසිංහ නමැති ව්‍යාපාරිකයා හදුන්වා දෙන්නට පුළුවන්.උසස් පෙළ විභාගය පිටපිට දෙවරක් අසමත්වීමෙන් පසු ජීවිතය අත්නොහැර උත්සාහයත් උනන්දුවත් නිසා

ජීවිතය ජයගත් ලසන්ත මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ විවිධ තාක්ෂණික සේවා සපයමින් ජර්මනිය නවසීලන්තය ඇතුළු විවිධ විදෙස් රටවල ගැණුම්කරුවන්ගේ විශ්වාසය දිනාගෙන සිටින්නෙකි.ශාඛා 3 ක් දක්වා පුළුල් කළ ව්‍යාපාර ජාලයක් මෙහෙයවමින් මාසිකව ඉතා විශාල ආදායමක් උපයන්නකි

දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙසින් උපන් ලසන්ත පාසල් හතක පමණ අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය ලබන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි.මීට වසර 15 කට පමණ පෙර උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිටි ඔහු එයින් අසමත් වන්නේය. නැවත දෙවැනි වරද පෙනී සිටයත් එවරද අසමත් වන්නේය. අවස්ථා දෙකේදීම අසාර්ථක වෙන ලසන්ත ඉන්පසු කළමනාකරණ විභාගයකට පෙනී සිට යංතමින් රජයේ දෙපාර්තමේන්තුවක රැකියාවකට ඇතුලත් වෙයි. එහි සේවය කර හොඳ වේතනයක් ලැබුනේ නැති නමුත් ඔහු උත්සාහය අත්නොහරී. තමන්ට විවේක ලැබෙන සෑම වේලාවකම පරිගණකයෙන් විවිධ දේ කරන්නට ඔහු උත්සාහ ගනී.

පාසල් යන කාලයේ සිටම පරිගණක සදහා උනන්දුවක් දැක් වූ ලසන්ත 2002 සිටම අන්තර්ජාලය හරහා මුදල් සෙවීමේ ක්‍රම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අතර එකල ලංකාවේ වැඩිදෙනෙකු අතර කථාබහක් නොවුණ ගූගල් සමාගමේ ඇඩ්සෙන්ස් හා ෆයිවර් සමාගමේ බාහිර ග්‍රැෆික් වැඩ මගින් ආදායම් ඉපැයීමට උත්සාහ ගනී. අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍ර සඳහා ව්‍යාපාර නාමයන් ප්‍රවර්ධනයද ඔහු සමත්කම් දැක්වූ විෂය පථයකි.

මුලදී මසකට රුපියල්පන්දහසක්වත් උපයන්නට බැරිවූ නමුත් එන්න එන්නම එම ආදායම වැඩි කරගෙන ලක්ෂ ගණනක් දක්වා මාසික ආදායම ඔහු වැඩි කරගන්නට සමත් වෙයි.ඔහු අන්තර්ජාලයේ සුළු සුළු කොන්ත්‍රාත් වැඩවලින් මුදල් ඉපැයීම මුලදී සිදු කළත් පසුව ඔහුට නවසීලන්තයේ මිතුරෙකුගේ මාර්ගයෙන් ඒ රටේ තාක්ෂණික වැඩ ව්‍යාපෘති ලෙස ලැබීම මෙම මුදල් ඉපැයීම ඉක්මන් කරවූ බව පවසා තිබේ. අනතුරුව ජර්මනිය ඇතුළුයුරෝපා රටවලින්ද ඔහුට එවැනි ඇණවුම් ලැබී තිබේ.මේ වන විට ජංගම දුරකත apps ,වෙබ් අඩවි නිර්මාණ කටයුතු සහ තවත් තාක්ෂණික සේවා කටයුතු රැසක්ම ඔහු විදේශයන්ට සිදුකරන අතර තමන්ගේ ව්‍යාපාර ජාලය ශාඛා තුනක් දක්වා වර්ධනය කර වැඩි පිරිසකට රැකියා අවස්ථාද ලබාදී තිබේ.

ඔහු තමන් ආ ගමන ගැන අපට කියා සිටියේ මෙසේය.

‘මං පාවිච්චි කරන වාහන ගැන නොයෙකුත් කතා තිබුණා. වාහන ගොඩක් තිබෙනව තමයි ඒව ගත්තෙ ආසාවට. ඒ්ත් මං භාවිත කරන්නේ බෙන්ස් එකයි හමර් එකයි අවුඩි එකයි. මං අන්තර්ජාලයේ මුදල් හම්බ කරන කෙනෙක් විදිහට මින් පෙර පළවුණ වාර්තාවල පළවුන විස්තර සමහර ඒවා නිවැරදි නෑ.මං 2002 ඒ ලෙවල් කරේ මැට්ස් වලින් පළවෙනි පාර ෆේල් ඊට පස්සෙ සෙකන්ඩ් ෂයි කරා ඒකත් ෆේල් මං ආයෙත් තර්ඩ් ෂයි කරන්නත් ක්ලාස් ගියා.

අපිට ඒ හැටි සල්ලි තිබ්බෙ නෑ. තාත්ත ඒජී ඔෆීස් එකේ වැඩ කරේ. අම්මා නර්ස් කෙනෙක්.තර්ඩ් ෂයි කරන්න ක්ලාස් යන අතරේ රජයේ දෙපාර්තමේන්තුවක පොඩි ජොබ් එකක් හම්බ වුණා. මං කවදත් කොම්පියුටර් වැඩවලට උනන්දුයි. මේ ජොබ් එක කරන අතරෙ තමයි තව සල්ලි ටිකක් හොයන්න හිතං ඔන්ලයින් සල්ලි හොයන්න හිතුවේ.

ෆ්‍රී ලාන්ස් වැඩ බාර අරන් පොඩි පොඩි ග්‍රැෆික් වැඩි කරලදීලා තමයි මුලින්ම සල්ලි හෙවුවේ.ඒ කාලෙ ඇත්තටම ඔන්ලයින් සල්ලි හොයන වැඩ ගැන රටේ වැඩිදෙනෙක් දන්නෙ නෑ. මං මුලදිම තමයි වැඩට බැස්සේ. මං කොම්පියුටර් කෝස් වලින් ඉගෙන ගත්තු දේවල් නෙමේ තනියෙන්ම තමා අත්හදා බැලුවේ. මුලදි විවිධ ප්‍රශ්නත් ආවා. සමහර විට බෑන් වුණා. ටික ටික මුදල් ලැබෙන කොට ඒවා තවත් ඒවට ආයෝජනය කළා.

ඒ විදිහට තමා ඉදිරියට ගියේ. ටික කාලයක් යනකොට හරියටම ඕඩියන්ස් එක ගැන හිතල ඒ අයට ඕනකරන දේවල් වලට සම්බන්ධ වෙලා මුදල් උපයන්න පුරුදු වුණා. මං හදපු වෙබ් සයිට් 1500 ක් විතර ඇති. මට වැඩ වැඩිපුර ලැබෙන කොට ඒවා තවත් අය යොදවලා එකතුවෙලා වැඩ කළා. කාලයක් යද්දි කට්ටියක් එක්ක මුදල්බෙදාගෙන ඒවගේ ව්‍යාපෘති භාරගත්තා.

මං සුළුවෙන් කර කර හිටිය දේ පුළුල් වුනේ නවසීලන්ත යාළුවෙක් නිසා. එයා කිව්වා එහේ බිස්නස් වල තියන තාක්ෂණික අවශ්‍යතා අපට දන්වන්නම් කරල දෙන්න කියලා. ඒ අනුව ගොඩක් වැඩ ලැබුණා. ඒවට හොඳට ගෙවුවා. මේ විදිහට විවිධ රටවල් වල වැඩ ව්‍යාපෘති විදිහට භාරගෙන කළාම අපිට විශාල වශයෙන් මෙයින් මුදල් උපයන්න හැකි බව ඒත්තු ගියා. අපි එස්ඊඕ කරන ඒවා ඇප්ස් හදන ඒවාට විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ පාර කපාගත්තෙ අපිමයි.

රජයෙන් හරි වෙනතැනකින් හරි මගපෙන්වීමක් තියනවා නම් ලංකාවේ තාක්ෂණික හැකියාව තියන බොහෝ දෙනෙකුට මේ විදිහට ආදායම් ලබන්න පුළුවන්. අද වෙනකොට සැලකියයුතු පිරිසක් මා සමග වැඩ කරනවා. මට හොඳ විශ්වාසවන්ත පිටරට කස්ටමර්ලා ඉන්නව.මං දෙන උපදෙස තමයි අන්තර්ජාලයෙන් මුදල් හම්බ කරනව කියල එක එක ඒවට රෙජිස්ටර් වෙලා පොඩි පොඩි දේවල් ලැබෙනකම් බලා ඉන්නවට වඩා තමාට කරන්න පුළුවන් හොඳම දේවල් හඳුනගෙන ඒව මාකට් කරන්න කියන එක.

සමහර අයට ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. සමහර අය හොඳට ග්‍රැෆික් වැඩ පුළුවන් සමහර අයට වෙබ් සයිට් හදන්න පුළුවන්. මේ දේවල් වඩාත්හොඳට වඩාත් විශේෂ විදිහට කරන අයට පමණයි පිළිගැනීමක් ලැබෙන්නේ. ඒ පිළිගැනීම ඇතිකරන්න උත්සාහ කරන අයට අමාරු නෑ.

උසස් පෙළින් උඩට යන්න බැරිවුණාම මං වෙනත් පාරක් හදාගත්ත වගේ හැමෝටම තමන්ට අයිති පාරක් හදාගන්න උත්සාහය තිබෙනව නම් බැරි වෙන්නෙ නෑ

උපුටා ගැනීම අනතර්ජාලයෙන්.

තමන්ගේ නැගණිය පාතාලයෙන් පැහැරගෙන ගොස් ගණිකාවක් කල නරුමයින් සියල්ල ඝාතනය කල අවසානයේ නැගණිය අතින්ම අයියා අවසන් ගමන් යයි

මියුසික් වීඩියෝ කලාව පහත තත්වෙට වැටිලා තියෙන කාලෙක මෙන්න බලන්නකෝ යාළුවනේ අලුතෙන්ම කරපු වෙනස්ම විදිහේ මියුසික් වීඩියෝව කොහොමද කියලා පට්ටම තේරුමක් තියෙන වෙනස්ම් විදිහේ වීඩියෝවක්

අකිල ධනුද්ධර්ගෙ පෙම්වතිය කාටත් හොරා ඇමරිකාවේ සුපිරි ධනවත් තරුණයෙක් සමග විවහා වෙයි

ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුතු අකිල ධනුද්ධර සමඟ පෙම් හබයක් ඇති බවට පසුගිය දිනවල රාවයක් පැතිර ගිය ජනප්‍රිය නිළියක් වගේ ම නිරූපණ ශිල්පිනියක් ද වුණු සුරූපී අමන්දා සිල්වා ඊයේ (28) කොළඹ ගලධාරි හෝටලයේදී යුග දිවියට පා තැබුවා.

ඇගේ අතගත් ආදරණීය ස්වාමිපුර්ෂයා වූයේ අමෙරිකාවේ නිව්යෝර්ක්වල පදිංචි වෙලා ඉන්න බ්‍රයන් පෙරේරා කියන සමාජජාල විශේෂඥයා කියලයි ආරංචි වෙන්නේ.

ජපානේ හොයාගන්නවත් නැති ලංකාවේ තාමත් රජකරන Bikes 10ක්මෙ න්න ඔබත් පදින සුපිරි වාහනේ ගැන දැනගන්න මේක කියවන්න

අද මාතෘකාව වෙන්නේත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් අපේ පේජ් එකට මැසේජ් කරලා අහන දෙයක් සමහර අය අපිට මැසේජ් කරලා අහනවා Hornet,Jade,AX-1 වගේ බයික්ස් අලුතෙන් හදන්නේ නැද්ද Brand new order කරන්න බැරිද වගේ ප්‍රශ්න ඒ වගේ ප්‍රශ්න හිතේ තියාගෙන අහන්න බැරි උන අයත් ඇතී ඒ හැමෝම වෙනුවෙන් මේ කෙටි ලිපිය අද අරගෙන ආවේ.

දැනට සම්පූර්ණයෙන් නිශ්පාදනය නවත්වන ලද ජපානයෙන් පවා ඉවත් කරන ලද ඒත් මෙහෙ තාමත් හොඳ අලෙවියක් තියෙන යතුරුපැදි 10ක් ගැන කෙටි සටහනක් කරන්න මේ අතරින් සමහර යතුරුපැදි ගැන දැනටමත් සම්පූර්ණයෙන් විස්තර කරලා තියෙනවා අපි.

මේ යතුරුපැදි ටික දැනට පවතින වෙළඳපොල මිල ගනන් අඩු වෙන පිලිවෙලට සඳහන් කරන්නම්.

1.Honda Hornet 250(CB250F) – 1996-2006

සිලින්ඩර හතරක DOHC 249cc four- stroke 16 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 40කින් උපරිම වේගය 180kmph ලබා දෙනවා.

නිශ්පාදිත වර්ශයට අදාල චැසි අංකය මත ලක්ශ 3.50(CH100) සිට ලක්ශ 8(CH150) පමණ දක්වා පරාසයක ලියාපදිංචි කරන ලද යතුරුපැදි අලෙවි වෙනවා

2.Kawasaki KLX250D Tracker D1,D2 – 1998-2007

තනි සිලින්ඩර DOHC 249cc four-Stroke 4 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගන්වූ මේ යතුරුපැදිය අශ්වබල 27කින් උපරිම වේගය 145kmph ලබා දෙනවා.

මෙහි මිල ලක්ශ 4.50 සිට ලක්ශ 6 දක්වා පරාසයක විහිදෙනවා.

Honda CBR 250RR MC22 (Gullarm) – 1986-1996

සිලින්ඩර හතරක DOHC 249cc four-stroke 16 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය 250cc කාණ්ඩයේ බලගතුම යතුරුපැදිය වෙන අතර අශ්වබල 45කින් උපරිම වේගය 190kmph ලබා දෙනවා.

මෙහි Standard body kit හා 600kit ලෙස දැනට ලංකාවේ දැකගත හැකි අතර ලක්ශ 4 සිට 5 පමණ පරාසයක මෙහි මිල සටහන් වෙනවා.

Honda AX-1 – 1987-1994

තනි සිලින්ඩර DOCH 249cc Four-stroke 4 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 29කින් උපරිම වේගය 150kmph ලබා දෙනවා.

මෙහි මිල ලක්ශ 2 පමණ සිට 4.50 වැනි පරාසයක විහිදෙනවා.

Suzuki 250SB Tracker 2002-2005

තනි සිලින්ඩර DOHC 249cc Four-stroke 4 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 29කින් උපරිම වේගය 155kmph ලබා දෙනවා.

Kawasaki D Tracker එකට බොහෝ සෙයින් සමාන උනද මිල ලක්ශ 3.50 සිට 5 වැනි පරාසයකයි විහිදෙන්නේ.

Honda CB250 Jade 1986-1996

සිලින්ඩර හතරක DOCH 249cc Four-stroke 16 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 40කින් උපරිම වේගය 180kmph ලබා දෙනවා.

මෙහි මිල පරාසය ලක්ශ 2.50 සිට 4 පමණ දක්වා විහිදෙනවා.

7.Honda XR 250 BAJA 1996-2005

තනි සිලින්ඩර DOHC 249cc four-stroke 4 valve වායු සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 28කින් උපරිම වේගය 140kmph ලබා දෙනවා.

මිල ලක්ශ 2.50 සිට 4 පමණ විහිදෙන අතර Supermoto ලෙස වෙනස් කරන ලද යතුරුපැදියක් ලක්ශ 6ක් ඉක්මවනවා.

Suzuki GSF400 Bendit 1989-1997

සිලින්ඩර හතරක DOHC 398cc four-stroke 16 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බලගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 50කින් උපරිම වේගය 180kmph ලබා දෙනවා.

Bendit මාදිලිය අනෙකුත් ජපන් යතුරුපැදි වලට සාපේක්ෂව දෝෂ වැඩි නිසා 400cc කාණ්ඩයේ මිල අඩුම යතුරුපැදිය ලෙසද හැදින්විය හැකි අතර මිල ලක්ශ 2 සිට 4 වැනි පරාසයක විහිදෙනවා.

Suzuki Djbel 250 (DR250RX) 1992-2007

තනි සිලින්ඩර DOHC 249cc four-stroke 4 valve Oil/Air සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 30කින් උපරිම වේගය 150kmph ලබා දෙනවා.

Suzuki GSF250 Bendit 1989-2000

සිලින්ඩර හතරක DOHC 248cc four-stroke 16 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 45කින් උපරිම වේගය 170kmph ලබා දෙනවා.

Bendit 400 හී සදහන් කලා වගේම මෙහිද මිල අනෙකුත් යතුරුපැදි වලට සාපේක්ෂව අඩු අතර ලක්ශ 1.60 සිට 2.50 වැනි පරාසයක මිල විහිදෙනවා.

මේ යතුරුපැදි නිශ්පාදනය මේ වෙනවිට සම්පූර්ණයෙන් නවත්වා ඇති අතර ප්‍රථම නිශ්පාදන වර්ශය හා අවසාන වර්ශය ලිපියේ සටහන් කර ඇති.
මීට අමතරව Spada,Magna,XRL,KLX,TTR මෙන්ම DT,TZR, වැනි 2T යතුරුපැදි ද මේ වෙනවිට සම්පූර්ණයෙන් නිශ්පාදනය නවත්වා ඇත.මීට අමතරව ලිපිය කියවන අය අතරින් තමන් දන්න නිශ්පාදනය නැවතූ ඒත් ලංකාවෙ දැකත හැකි යතුරුපැදි දන්නවා නම් මුල් හා අවසාන නිශ්පාදන වර්ශය ද සමග අදාල යතුරුපැදිය FB post එකේ comment කරන්න.

මෙහි ඇති මිල ගනන් යතුරුපැදියේ ස්ව්භාවය හා ලියාපදිංචි කර නොකර ඇති තත්ත්වය මත වෙනස් විය හැක

Wandi – වණ්ඩි උපුටා ගැනීමකි 

ඉතිපිසෝ ගාථාව කියද්දී නිය‍පොත්තා නතරවී දණගැසුවා’ දරුණු අලියාගෙන්ඊ යේ මහා රෑ බේරුණු ගොවියෙකු විශ්මිත කතාවක් හෙළිකරයි

හොරොව්‍පොතාන ලබුඇට බැන්දගල පිහිටි හේන් යායේ ගසක් උඩට වී බඩඉරිඟු හේන රකිමින් සිටි ගොවියෙකුට පහරදීමට පැමිණි නිය‍පොත්තා නම් දරුණු අලියා ඉතිපිසෝ ගාථාව කියා මෙල්ල කර දිවි බේරා ගැනීමේ පුවතක් හොරොව්‍පොතානෙන් වාර්තා විය.

හොරොව්‍පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ආරක්ෂිත වැට බිඳීමෙන් අනතුරුව ගම්වැදී සිටින දරුණු වන අලින් අතර සිටින නිය‍පොත්තා නමින් හඳුන්වන ප්‍රචණ්ඩ වන අලියා මොරගොඩ ලබුඇට බැන්දගල බඩ ඉරිඟු හේන් යායට පසුගිය සතියේ සිට දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටින අතර මේ වනවිට එම ප්‍රහාර හමුවේ එක් ගොවියෙකුගේ දිවි අහිමි වී තවත් ගොවියෙකු බරපතළ තුවාල ලබා තිබේ.

කොතරම් වන අලි ප්‍රහාර එල්ලවුවත් කන්න කිහිපයකට පසුව වගාකළ බඩඉරිඟු හේන් වගාව රැක ගැනීම සඳහා ඇතැම් ගොවීන් රාත්‍රියට ලබු ඇට බැන්දගල හේන්යායට යාම අත්හැර නැති බව වාර්තා විය.

පෙරේදා දිනයේත් සුපුරුදු පරිදි වනිගරත්නම් ගොවි මහතා පැල් රැකීම සඳහා හේනට ගොස් ඔහු විශාල කුඹුක් ගසක් උඩ ඉදිකර තිබෙන පැලට නොයා ඒ ආසන්නයේ පිහිටි වෙනත් විශාල ගසක් උඩට වී හේන ආරක්ෂා කිරීමේ කාර්යේ නිරත වී තිබේ.

සුපුරුදු පරිදි බඩඉරිඟු හේන්යාය විනාශ කිරීමට පැමිණ ඇති නිය‍පොත්තා කුඹුක් ගස උඩ තිබූ පැළ බිමට කැඩී වැටෙන තුරුම ගසට පහර දී තිබේ.

එම දර්ශනය දුටු වනිගරත්න ගොවි මහතා බියෙන් ගැහෙමින් ගස උඩට වී ඉතිපිසෝ ගාථාව 25 වතාවක් කියද්දී නිය ‍පොත්තාට අසල වූ ගස උඩ කිසිවෙකු සිටින බව ඉවෙන් දැනී එම ගසට පහරදීමට ඊයක බදු වේගයෙන් පැමිණ තිබේ.

මරණ බියෙන් ගැසෙමින් සිටි ගොවියා හඬ නගමින් ඉතිපිසෝ ගාථාව කියද්දී බඩඉරිඟු යාය ‍පොඩි කරමින් වේගයෙන් පැමිණි නිය‍පොත්තා එකතැන නතර වී දණ ගසාගෙන ස්වල්ප මොහොතක් සිට ඇති අතර ඉන් ප්‍රයෝජනය ගත් ගොවියා ගසෙන් බිමට බැස කෑගසමින් ගම්මානයට දිවගොස් දිවි බේරාගෙන තිබේ.

නිය‍පොත්තා ගොවියා පසුපස පැමිණියත් ගම්මානයේ පදිංචි පිරිස් අලි වෙඩි දමා කෑකෝ ගසා ප්‍රචණ්ඩ වන අලියාව මෙල්ල කර කැලයට හරවා යැවීමට සමත් වී තිබුණි