කවුද බන් මේ චූටි කොල්ලා. මගේ කකුලක් තරම්වත් මහත නෑනේ කුසල් මෙන්ඩිස් කරපු දේට නිලියක් කුසල්ගේ රෙදි ගලවයි සියල්ල සාක්ෂි සමගම එලියට

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැන් වැටිලා තියෙන්නේ. හැබැයි තාමත් ලංකාවේ මිනිස්සු ක්‍රිකට් වලට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට අාදරෙයි. එ් ක්‍රීඩකයන්ගේ තියෙන මහත්මා ගතියට. හැබැයි මිනිස්සුන්ගේ අාශිර්වාදය නැති වුනොත් නම් ශ්‍රී ලංකා ක්‍රිකට් යන කල හිතාගන්නවත් බැරිවෙයි.

කණ්ඩායමට අැවිත් අවුරුද්දක්වත් නැති ක්‍රීඩකයෙක් නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හිතේ තියෙන ආදරේ හැඳි ගැවිලා යන දවස අත ළඟ වගේ පේනවා. ෆීනික්ස් කුරුල්ලෙක් වගේ කණ්ඩායම නැගිටින්න හදන වෙලේ මේ ක්‍රීඩකයාගේ අනඟ රැඟුම් නිසා කණ්ඩායමට ලොකු හානියක් වෙන්න පුළුවන්. එ් නිසායි ක්‍රිකට් සභාපතිතුමාගේ අවධානයට අපි මේ ගැන කතා කරන්න හිතුවේ.

අපි මේ කියන හැම කරුණක්ම ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කියලත් බොහොම වගකීමකින් අපි කියනවා.

මොරටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අාපු මේ ක්‍රීඩකයාගේ පියා ත්‍රීරෝද රථ රියදුරෙක්. තාත්තා අමාරුවෙන් ක්‍රිකට් වලට යැවුවත් පුතණ්ඩියා නම් අනඟ රැඟුම් වලින් තමයි නම තියන්න හදන්නේ. අපිට ලැබුණු මුල්ම ආරංචියේ හැටියට මේ ක්‍රීඩකයා රූපලාවන්‍යාගාරයක් කරගෙන යන මැදිවියේ විවාහක කාන්තාවකට අමුතු දුරකථන අැමතුමක් දීලා තියෙනවා. “එන්න එන්න, එළියට එන්න. අපි ටිකක් කතා කරමු” කියලයි ක්‍රීඩකයා ඒ කාන්තාවට කියලා තියෙන්නේ. බලාගෙන යද්දී ඇය මේ ක්‍රීඩකයාගේ පවුලේ ලඟම හොඳම හිතවතියක්. ඒ නිසා ඇය සැමියාගේ මාර්ගයෙන් පවුලේ අයට කියලා, “පුතාව පරිස්සම් කර ගන්න” කියලා.

ලංකාවේ කාන්තාවෝ සේරම තමන්ගේ කියලා හිතන මේ අනංග ක්‍රීඩකයා එතනින් නවතින්නේ නෑ. ලංකාවේ ජනප්‍රිය නිළියක් වගේම නිරූපණ ශිල්පිණියකුටත් ඔහු බැල්ම දානවා. ලංකාවේ ක්‍රිකට්වලට ගොඩක් අාදරය කරන අැය ලංකාවේ තියෙන හැම තරඟයක්ම වගේ බලන්න යනවා. කොහොම හරි එ් තරුණියගේ නම්බර් එක අරගෙන මේ අනංග ක්‍රීඩකයා අැයටත් කතා කරනවා. “අපි එළියෙදි මුණගැහෙමු. එන්න අපි සෙට් වෙමු” කියලා තමන්ගේ සල්ලාලකම ප්‍රදර්ශනය කරනවා. හැබැයි එ් නිළිය නම් යාලුවෝ එක්ක කියලා තිබ්බේ “කවුද බන් මේ චූටි කොල්ලා. මගේ කකුලක් තරම්වත් මහත නෑනේ.” කියලා.

තමන් තමයි දැන් ලංකාවේ බ්‍රැඩ්මන් කියලා හිතන් ඉන්න මේ චූටි ක්‍රීඩකයා එතනින් නවතින්නේත් නෑ. තමන්ගේ අසහනය නිසා ලංකාවම හඳුනන තවත් සුරූපී විවාහක තරුණියකට මාන බලනවා. වයිබර් හරහා ඇයටත් මේ අනංග ක්‍රීඩකයා අයතු යොජනා කරනවා. නමුත් එ් සැරෙත් ඔහුගේ කුරුමාණම සාර්ථක වෙන්නේ නෑ.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් වැඩියෙන්ම Social Media වල ඉන්නෙ ඔහු. අැටෙන් පොත්තෙන් එළියට එන්න කලින් මේ වගේ සෙල්ලම් දානවා නම් තව ටිකක් ඉස්සරහට යද්දී මොනවා නොකරයිද. අලි අැතුන් පවා මඳ කිපෙන කාලෙට ගැට ගහලා තියෙනවා. ක්‍රිකට් සභාපතිතුමනි මේ ක්‍රීඩයා ගැනත් දැන්ම පියවරක් ගන්න වෙනවා. එහෙම නැති වුනොත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මෙච්චර කාලෙකට නොතිබුණ කලු පැල්ලමක් ඉක්මනටම වදින බව නම් විශ්වාසයි.

මේ ක්‍රීඩකයා වෙන කවුරුත් නෙමෙයි, පසුගිය දවසක පුහුණු සැසියකදි හොදට නිදාගෙන ඉදලා අහු වුන කුසල් මෙන්ඩිස්.

උපුටා ගැනීම – ජනයුගය පුවත්පත

කවුද බන් මේ චූටි කොල්ලා. මගේ කකුලක් තරම්වත් මහත නෑනේ කුසල් මෙන්ඩිස් කරපු දේට නිලියක් කුසල්ගේ රෙදි ගලවයි සියල්ල සාක්ෂි සමගම එලියට

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැන් වැටිලා තියෙන්නේ. හැබැයි තාමත් ලංකාවේ මිනිස්සු ක්‍රිකට් වලට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට අාදරෙයි. එ් ක්‍රීඩකයන්ගේ තියෙන මහත්මා ගතියට. හැබැයි මිනිස්සුන්ගේ අාශිර්වාදය නැති වුනොත් නම් ශ්‍රී ලංකා ක්‍රිකට් යන කල හිතාගන්නවත් බැරිවෙයි.

කණ්ඩායමට අැවිත් අවුරුද්දක්වත් නැති ක්‍රීඩකයෙක් නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හිතේ තියෙන ආදරේ හැඳි ගැවිලා යන දවස අත ළඟ වගේ පේනවා. ෆීනික්ස් කුරුල්ලෙක් වගේ කණ්ඩායම නැගිටින්න හදන වෙලේ මේ ක්‍රීඩකයාගේ අනඟ රැඟුම් නිසා කණ්ඩායමට ලොකු හානියක් වෙන්න පුළුවන්. එ් නිසායි ක්‍රිකට් සභාපතිතුමාගේ අවධානයට අපි මේ ගැන කතා කරන්න හිතුවේ.

අපි මේ කියන හැම කරුණක්ම ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කියලත් බොහොම වගකීමකින් අපි කියනවා.

මොරටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අාපු මේ ක්‍රීඩකයාගේ පියා ත්‍රීරෝද රථ රියදුරෙක්. තාත්තා අමාරුවෙන් ක්‍රිකට් වලට යැවුවත් පුතණ්ඩියා නම් අනඟ රැඟුම් වලින් තමයි නම තියන්න හදන්නේ. අපිට ලැබුණු මුල්ම ආරංචියේ හැටියට මේ ක්‍රීඩකයා රූපලාවන්‍යාගාරයක් කරගෙන යන මැදිවියේ විවාහක කාන්තාවකට අමුතු දුරකථන අැමතුමක් දීලා තියෙනවා. “එන්න එන්න, එළියට එන්න. අපි ටිකක් කතා කරමු” කියලයි ක්‍රීඩකයා ඒ කාන්තාවට කියලා තියෙන්නේ. බලාගෙන යද්දී ඇය මේ ක්‍රීඩකයාගේ පවුලේ ලඟම හොඳම හිතවතියක්. ඒ නිසා ඇය සැමියාගේ මාර්ගයෙන් පවුලේ අයට කියලා, “පුතාව පරිස්සම් කර ගන්න” කියලා.

ලංකාවේ කාන්තාවෝ සේරම තමන්ගේ කියලා හිතන මේ අනංග ක්‍රීඩකයා එතනින් නවතින්නේ නෑ. ලංකාවේ ජනප්‍රිය නිළියක් වගේම නිරූපණ ශිල්පිණියකුටත් ඔහු බැල්ම දානවා. ලංකාවේ ක්‍රිකට්වලට ගොඩක් අාදරය කරන අැය ලංකාවේ තියෙන හැම තරඟයක්ම වගේ බලන්න යනවා. කොහොම හරි එ් තරුණියගේ නම්බර් එක අරගෙන මේ අනංග ක්‍රීඩකයා අැයටත් කතා කරනවා. “අපි එළියෙදි මුණගැහෙමු. එන්න අපි සෙට් වෙමු” කියලා තමන්ගේ සල්ලාලකම ප්‍රදර්ශනය කරනවා. හැබැයි එ් නිළිය නම් යාලුවෝ එක්ක කියලා තිබ්බේ “කවුද බන් මේ චූටි කොල්ලා. මගේ කකුලක් තරම්වත් මහත නෑනේ.” කියලා.

තමන් තමයි දැන් ලංකාවේ බ්‍රැඩ්මන් කියලා හිතන් ඉන්න මේ චූටි ක්‍රීඩකයා එතනින් නවතින්නේත් නෑ. තමන්ගේ අසහනය නිසා ලංකාවම හඳුනන තවත් සුරූපී විවාහක තරුණියකට මාන බලනවා. වයිබර් හරහා ඇයටත් මේ අනංග ක්‍රීඩකයා අයතු යොජනා කරනවා. නමුත් එ් සැරෙත් ඔහුගේ කුරුමාණම සාර්ථක වෙන්නේ නෑ.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් වැඩියෙන්ම Social Media වල ඉන්නෙ ඔහු. අැටෙන් පොත්තෙන් එළියට එන්න කලින් මේ වගේ සෙල්ලම් දානවා නම් තව ටිකක් ඉස්සරහට යද්දී මොනවා නොකරයිද. අලි අැතුන් පවා මඳ කිපෙන කාලෙට ගැට ගහලා තියෙනවා. ක්‍රිකට් සභාපතිතුමනි මේ ක්‍රීඩයා ගැනත් දැන්ම පියවරක් ගන්න වෙනවා. එහෙම නැති වුනොත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මෙච්චර කාලෙකට නොතිබුණ කලු පැල්ලමක් ඉක්මනටම වදින බව නම් විශ්වාසයි.

මේ ක්‍රීඩකයා වෙන කවුරුත් නෙමෙයි, පසුගිය දවසක පුහුණු සැසියකදි හොදට නිදාගෙන ඉදලා අහු වුන කුසල් මෙන්ඩිස්.

උපුටා ගැනීම – සියත

 

කෙල්ලෙක් නැත්තන් මේක බලන්න ලෝකේ ඕනෙම කෙනෙක්ට රුපියල් ලක්ෂ 7ට 18ට පිරුණු තමන්ගේ දියණිය විකුණන අරුම පුදුම රට මෙන්න

සියල්ල විකිණෙන ලෝකයේ නව යොවුන් වියේ දැරිවියන් මනාලියන් ලෙස විකුනන පොලක් ගැන වාර්තා වන්නේ බල්ගේරියාවෙන්.

එය පිහිටා තිබෙන්නේ බල්ගේරියාවේ ‘Stara Zagora’ නම් ප්‍රදේශයේයි.සෑම වසර 04කට වරක්ම පැවැත්වෙන මෙය වඩාත් ප්‍රචලිත වන්නේ roma bride market ලෙසයි.

ඒ අනුව නව යොවුන් වියට පා තැබීමෙන් අනතුරුව ගැහැණු දරුවන් සිය දෙමාපියන් විසින් එමපොලට කැදවා ඔවුන්ව ගැනුම්කරුවන් ට නැතහොත්, අනාගත සහකරුවන් ට අලෙවී කෙරෙනවා.
මේ සඳහා ඉදිරිපත් වන පුරුෂ පාර්ශවයත් බොහෝ විට නව යොවුන් විය නියෝජනය කරන්නන් වීම විශේෂයි.මෙලෙස දැරිවියක් අලෙවි කිරීමට සමත් වුවහොත් ඔවුන්ගේ දෙමාපියන්ට නැතොත් පවුලේ අයට යම් මුදල් ප්‍රමාණයක් හිමිවනවා.

මෙය ආදී කාලයේ සිට පැවතෙන චාරිත්‍රයක් බවයි වාර්තා වන්නේ.මෙහි මුඛ්‍ය පරමාර්ථය ‘මුදල්’ වන අතර එයට හේතු වන්නේ පවුල් සෑම එකක්ම පාහේ දරිද්‍රතාවෙන් දැඩිව පෙළෙන්නන් වීමයි.
අදාළ දිනයේදී මුහුණු ආලේපන ආදියෙන් හැඩවී හොද ඇදුම් ආයිත්තම් වලින් සැරසී පැමිණෙන ළමුන් මුලින්ම අදාළ පිරිමි ළමුන් සමග සාම්ප්‍රදායික නර්තනයක නිරත් විය යුතු වනවා.

ඉන් පසු අතට අත දී හදුනාගෙන කතාබස් කරමින් එකිනෙකා දැනහදුනාගත යුතුයි.දෙමාපියන් මේ සියල්ල පසුපසින් බලා සිටින අතර ඉන්පසු තම තෝරාගැනීම් අවසානයේ දී ගනුදෙනු ආදිය දෙමාපියන් විසින් සිදු කරනවා.

සාමාන්‍යයෙන් මෙලෙස අලෙවි වන මනාලියකගේ වටිනාකම ආසන්න වශයෙන් 5,000 – 10,000 lev (£2,200 to £4,300) (යුරෝ 2200 – 4300 අතර ) ප්‍රමාණයක් වනවා.

කෙසේ වෙතත් මානව හිමිකම් සංවිධාන මෙයට දැඩි ලෙස විරෝධය පල කරන අතර මෙයින් දරුවන්ගේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වන බවයි සිටින්නේ.

බොහෝ දරුවන් අවු 18 සම්පුර්ණ නොකර ඇති නිසා මෙය ජාත්‍යන්තරව ද ළමා අයතීන් කඩකිරීමක් වන බවයි සඳහන් වන්නේ.

 

ආසියාවේ සියලුම රටවල් පරදා පලමුවතාවට දරුණු x 30 ලංකාවට 1500ට ලංකාවෙන් යන්න පුළුවන් x 30 යනවනම් මේකත් බලන්න

ලොව ජාත්‍යන්තර තරගාවලියක් වන X30 තරගාවලිය රටවල් 22ක් එකතු කරගනිමින් ලංකාවේ පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

ඔබට මේ තරඟාවලිය ගැන වැඩි විස්තර www.x30.lk (https://goo.gl/ZXR2Lk) වෙඩි අඩවියට පිවිසීමෙන් දැනගන්නත් පුලුවන්. ඒ වගේම මෙම තරඟ නරඹන්න ප්‍රවේශපත් www.tickets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් වෙන්කරවා ගන්නත් ඔබට අවස්ථාව තියෙනවා.

සාමාන්‍යපෙළ උසස්පෙළ ලියපු ඔබට ඔබට මෙන්න අවස්ථාවක් දීවයින පුරා පවතින කලමනාකාරන අංශයේ පුරප්පඩු සදහා දැන් බදවා ගැනේ

DMI (PVT) LTD. අනගතයේ සාර්ථකත්වය ගැන හිතන ඔබට මෙන්න අවස්ථාවක්.. දිවයින පුර පවතින කලමනාකාරන අංශයේ පුරප්පඩු සදහා බදවා ගැනීම් සිදුු කෙරේ.

* SUPERVISOR * TRANEE SUPERVISOR * ADMINISTER * ASSISTENT MANAGER. * HRM MANAGER ඔබත් O/L A/L පෙනිසිටි වයස 18 – 27 අතර අයෙක්නම් අයදුම් කල හැක.. – නොමිලේ ජාත්‍යන්තර පුහුනුවක්. – පුහුනු කාලයේ 12000 – 18000 දක්වා වැටුප්. – පුහුනුවෙන් පසු 35000 සිට ඉහලට වැටුප්. – නවතැන් පහසුකම් නොමිලේ.. පුරප්පාඩු සීමිත බැවින් ඔබත් අදම අමතන්න.. 0763043784

කෙල්ලොන්ට යට ඇදුම් නැතුව කොල්ලොන්ට ඇදුම් නැතුව දුෂණය නොවී දුෂණය වෙන විශ්වවිද්‍යාල නවකවදය ගැන කෙල්ලෙක්ම කියන කතාව මෙන්න

හොස්ටල් එකට ගිය මුල්ම දවසේ අපට සරං ඇඳගෙන හොස්ටලේ එකේ කාමරයකට එන්න කිව්වා. ඉන් පස්සේ සෙකන්ඞ් ඊයර් අයියලා ඇවිත් අපේ සරං ගලවන්න කිව්වා. කට්ටියගෙම සරං ගලවලා පැත්තකින් තිබ්බා. ළමයින් කෑගහද්දි සද්දෙ ඇහෙනවට හයියෙන් සිංදු දාලයි තිබුණේ. ’

මේ නවකතාවක කොටසක් නොවේ. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක සිසුවකුගේ කතාවක ඇරැුඹුමකි. මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් කතා කරන්නට යන්නේ ඇතැමුන් කතා කරනවාට අකමැති, කතා කරනවාට විරුද්ධ, කතා කරනවාට බිය මාතෘකාවක් ගැනය. ඒ විශ්ව විද්‍යාල නවක වදයයි.

නවක වදයට ලක්වූ බව කියන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙක් පසුගිය සතියේ රෝහල් ගත කරනු ලැබිණ. රෝහල් ගත වීමට සිදුවන තරමට නවකයන්ට දෙන වදය ඇතැම්හු තවමත් සාධාරණීකරණය කරති. අමානුෂික නවක වදයට ලක්වීම නිසා වසරකට සිසුන් සැලකිය යුතු සංඛ්‍යාවකට සරසවිය එපා වීම සාමාන්‍ය තත්ත්වයකි.

නවක වදය ගැන කතාව ආරම්භ කළේ ලංකාවේ විශ්ව විද්‍යාලයක සිසුවකුගේ සත්‍ය කතාවකිනි. ඒ කතාවේ ඇරුඹුම පමණි. සෑම විශ්ව විද්‍යාලයකම සෑම පීඨයකම තත්ත්වය මෙය නොවේ. මොරටුව ඇතුලූ ඇතැම් විශ්ව විද්‍යාලවල දරුණු නවක වදයක් නැත.

සෑම විශ්ව විද්‍යාල සිසුවකුටම නවක වද චෝදනාව එල්ල නොවන අතර නවක වදයට අකමැති බහුතරයක් දෙනා විශ්වවිද්‍යාලවල සිටිති. එක් එක් විශ්ව විද්‍යාලවල නවක වදය දෙන ක‍්‍රමවේදයද වෙනස්ය. නවක වදය ගැන කතා කළ යුත්තේ නවක සිසුන්ට විශ්ව විද්‍යාල එපා කරවීමට නොව අමානුෂික නවක වදය නතර කිරීම සඳහාය. මේ ලිපිය ඇරුඹූ කතාවේ ඉතුරු කොටසයි.

‘‘හැමදාම රෑට අපිව මේ විදියටම හොස්ටල් එකේ ඒ කාමරයට ගෙන්වනවා. මුල්ම දවස් ටිකේ අපි සරම ඇඳගෙන කාමරයට යන්න ඕනා. එතනදි සරම ගලවන්න නියම කරනවා. ඉන් පස්සේ ඒක වෙනස් වුණා. අපි ඒ කාමරයට යන්න ඕනා ඇඳුම් නැතිවමයි. ඉන් පස්සේ අපේ කණ්ඩායමේම කට්ටිය සහ දෙවැනි වසරේ කට්ටිය ලව්වා ලිංගික අවයව පරීක්ෂා කරනවනවා. ඉන් පස්සේ හැමෝමටම තර්ජනය කරනවා විවිධ දේ කරන්න කියලා. එහොම නොකළොත් පහර දෙනවා. ඒ කාමරේ ෆෑන් එකක්වත් නෑ. කට්ටියගේ දාඩිය බිමට වැටිලා එකතු වෙලා වතුර වගේ.

ඕවගේ වද දීලා ඉවර වෙද්දි පාන්දර වෙනවා. ඉන් පස්සේ අපි කාන්තා නේවාසිකාගාර ළඟට උදේ පාන්දරම යන්න ඕනෑ. අපේ කණ්ඩායමේ ශිෂ්‍යාවො නේවාසිකාගාරයෙන් එළියට ආවට පස්සේ අපි ඔවුන්ව දේශන ශාලාවට එක්කරගෙ යන්න ඕනෑ.

මාස තුනක් යනකං මේ විදියට වද දුන්නා. ඉන් පස්සේ හොස්ටල් එකේදී නිර්වස්ත‍්‍ර කරලා බාල්දි වලට කුණු වතුර අරං නෑව්වා. ඒකට කියන්නේ හොස්ටල් බකට් එක කියලා. එතනින් නවක වදය ඉවරයි. ඉන් පස්සේ කැම්පස් බකට් එක ඉවර වෙනනම් සති දෙකක් සුදු කමිසෙයි කලූ කලිසමයි ඇදගෙන යන්න ඕනෑ. එකම ඇදුම අදින්න ඕනෑ. සති දෙකම හෝදන්න බෑ. දෙවෙනි සතියේ අන්තිම දවස් වෙද්දි අර ඇදුම් කිළිටි වෙලා සත්තු වගෙයි කට්ටිය එන්නේ. ඉන් පස්සේ කැම්පස් එකේම වෙනත් තැනකට පිරිමි ළමයි සහ ගැහැණු ළමයි ගත්තා. පිරිමි ළමයින් ඔක්කොගෙම කලිසම් ගලවලා යට ඇදුම පිටින් තියලා බකට් වලින් වතුර ගහලා නෑව්වා. ඉන් පස්සේ යට ඇදුම් නැතිව කලිසම් අන්දවනවා.

ඊට පහුවදා දෙවැනි වසරේ අය අපට පාටියක් දෙනවා. පාටියක් දෙනවා කියලා කරන්නේ පොඞ්ඩක් කන්න දෙන එකයි. ඒකට කියන්නේ සෝෂල් එක කියලයි. ඒකට පස්සේ අපේ කණ්ඩායමෙන් දෙවැනි වසරේ අයට පාටියක් දෙන්න ඕනා. ඒකට කියන්නේ රිටර්න් පාටිය කියලයි. අපේ කට්ටියම සල්ලි දාලා හොද වර්ගයේ බෝතල් අරගෙන ඔවුන්ට බොන්න සහ කන්න දෙන්න ඕනෑ.’’

ඒ එක්තරා විශ්ව විද්‍යාලයක සිසුවකු සිය අත්දැකීම විස්තර කළ ආකාරයයි. ඊළඟට කියන්නට යන්නේ තවත් විශ්ව විද්‍යාලයක නවක වදය දුන් ආකාරය ගැනයි. ඒ කතාව කීවේ ශිෂ්‍යාවකි.

‘අපි උසස් පෙළ සමත් වෙලා ගොඩක් බලාපොරොත්තු තියාගෙන කැම්පස් ආවේ. ඒත් කැම්පස් එකට ගියාට පස්සේ මට කැම්පස් එපා වුණා. අපිට අමානුෂික නවක වදයක් දුන්නේ. අපි දෙවැනි වසරේ අයට ඔලූව නමලා ආචාර කර්නන ඕනා. කළේ නැතිනම් කම්මුලට ගහනවා. එහෙම නැතිනම් වැලි සහ ගල් කැබලි උඩ දණගස්වනවා.

ඊට පස්සේ දසකලා අභිශේකය කියලා එකක් කරනවා. ඒක කරන්නේ එක කාමරයක. ඒකේ බිත්තිවල ගැහැණු රූපයි පිරිමි රූපයි ඇ`දලා තියෙනවා. විකෘති මානසිකත්වයක් තියෙන ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තමයි මේවා කරවන්නේ. ගැහැණු ළමයින්ට පිරිමි රූප සමඟ යම් ක‍්‍රියාකරකම් ටිකක් කරන අයුරු පෙන්වන්න කියනවා. ඒවගේම අපිට කුණුහරප කාඞ් (අන්වර්ථ නාම) දාන්නේ. ඊළඟට බිංකුන්ඩන් නැටවීම හා ටෙන්ට් ගැසීම කියලා තවත් රැග් එකක් තිබෙනවා. ඒ කියන්නේ නවක වද කාලයේ අපිට තිසරපට ඇඳීම තහනම්.

ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් ඒවා පරීක්ෂා කරනවා. ඉන් පස්සේ අපිව පිරිමි ළමයින් ඉන්න තැනට යවනවා. විශ්ව විද්‍යාලයේ ඉන්දි මම මුහුණ දුන්නු අමානුෂිකම සිද්ධිය තමයි ඒක. ඒක ප‍්‍රසිද්ධියේ විස්තර කරන්න අමාරුයි. අපිත් එක්ක හිටපු සමහරුන්ට මේක නිසා කැම්පස් එපා වුණා.’’

විශ්ව විද්‍යාල නවක වදයේ තරම එම ශිෂ්‍යාවගේ කතාවෙන් මොනවට පැහැදිලි වෙයි.

පෙර සඳහන් කළ පරිදිම විශ්ව විද්‍යාලවල බහුතරයක් දෙනා නවක වදයට විරුද්ධය. නවක වදය ක‍්‍රියාත්මක කරන්නේ කිහිප දෙනකු පමණි. ප‍්‍රශ්නය නවක වදයට මුහුණ දී දුක් විඳින සමහරු ඊට පසුව තමන්ගේ නවකයන්ට නවක වදය දීමට ඉදිරිපත් වීමයි.

නවක වදය ගැන විශ්ව විද්‍යාල සිසුන් සහ මෑතකදී විශ්ව විද්‍යාලවලින් ඉවත් වුණු බොහෝ දෙනෙකු සමඟ කතා කළ අතර ඔවහු සියලූ දෙනාම පාහේ නවක වදයට විරුද්ධව කරුණු කීහ. නමුත් ප‍්‍රසිද්ධියේ නවක වදය ගැන කතා කරන්නට මැලි කමක් දැක්වූහ.

සංඛ රඹුක්වැල්ල කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිට පසුගිය වසරේ ඉන් පිට විය. තම අන්‍යතාවය ඇතිව නවක වදය ගැන විවෘතව කතා කරන්නට ඔහු කැමති විය. මේ නවක වදය ගැන ඔහුගේ අදහසයි.

මම විශ්වවිද්‍යාලයට එන්නේ 2011 වසරේ. උසස්පෙළ ලියලා පාස් වෙලා කැම්පස් තේරුණා කියලා දැනගත්ත ගමන් ඇත්තටම ඊළඟට මතක් වෙන්නේ රැුග් එක. රැුග් එක ඒ තරම්ම සමාජගත වුණ වගේම සමාජය විසින් පිළිනොගන්න ඒත් අනියම් ආකාරයට පිළිගන්න දෙයක් වගේ හැඟීමක් මට මුල් දවස් වල තිබුණේ.

විශ්ව විද්‍යාලයට ආවට පස්සේ රැග් එක ආකාර දෙකකට දකින්න පුළුවන් වුණා. එකක් මානසිකමය වශයෙන්  කරන රැග් එක. අනික ශාරීරික වශයෙන් සිදුකරන රැග් එක. මානසිකමය වශයෙන් රැග් එකට බහුතරයක් ලක් වෙන්නේ ගෑණු ළමයි. පිරිමි ළමයිනුත් මානසිකමය විදිහට රැග් නොවෙනවා කියන එක ඒකෙන් අදහස් වෙන්නේ නෑ.

ඉතා හොඳින් කතා කිරීමේ ඉඳලා පරුෂ වචනයෙන් බැණ වැදීම වෙනකම් මානසිකමය විදිහට වද වේදනා දීම සිද්ධ වෙනවා. ශාරීරිකව ගත්තහම පහරදීම්, දණගෑවීම්, නිරුවත් කිරීම් වගේ දේවල් කරනවා. බොහෝ දුරට ඒ වගේ රැග් වලට ලක් වෙන්නේ පිරිමි ළමයි. මීට අමතරව පළමු වසරේ ශෝෂල් එක ඉවරවෙනකම් තමන්ට කැමති ඇඳුමක් ඇඳීමේ සහ තමන්ට කැමති පරිදි විශ්ව විද්‍යාල තුළ හැසිරීමේ අවස්ථාව නවකයාට අහිමි වෙනවා. මේ තත්ත්ව විශ්ව විද්‍යාලයෙන්  විශ්ව විද්‍යාලයට වෙනස් වෙනවා.

රැග් කරනවා කීවම බහුතරයක් හිතන්න පුලූවන් දෙවන වසරේ සියලූ දෙනාම එකතු වෙලා පළමු වසරට පැමිණි නවකයන්ව රැග් කරනවා කියලා. නමුත් ඒක සත්‍යයෙන් තොර කතාවක්. ඇත්තටම රැග් එක මෙහෙයවන්නේ කීප දෙනෙක්. සමහර විට එක බැච් එකකින් දහ දෙනෙක් පහළොස් දෙනෙක් උපරිම සම්බන්ධවෙයි රැග් කරන්න. බහුතරයක් වන ශිෂ්‍ය ප‍්‍රජාව සාමකාමියි.

ඒ වගේම සමාජයේ මුල් බැසගත්ත සහ බලෙන් ඔබ්බවපු මතයක් තියනවා දේශපාලන පක්ෂ එකක් හෝ කිහිපයක් විසින් මේ රැග් එක මෙහෙයවනවා කියලා. විශ්ව විද්‍යාලයේ හිටිය කෙනෙක් විදිහට මම ඒක එක හෙළාම පිළිගන්නේ නෑ. මොකද ඔය කිසිම පක්ෂයකට සම්බන්ධ නැති මිනිස්සුත් නවකයන්ට රැග් කරනවා මම දැකලා තියෙනවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රැග් කරන අයවලූන් තමන්ගේ ක‍්‍රියාව සාධාරණීයකරණය කරන්න ගේන ප‍්‍රධානම තර්කය පිළිබඳව. ඒකෙදි ඔවුන් කියන්නේ කණ්ඩායම අතර සුහද බව ඇති කරන්න     තමයි රැග් කරන්නේ කියන කාරණය. ඇත්තටම පළමු වසරේ එකට හිටියත් දෙවන, තුන්වන සහ සිව්වන වසර වෙනකොට සේරම ළමයි ක්ලාස් පස්සේ නෝට් පස්සෙයි දුවන්නේ.

කිසිම සහෝදර බැඳීමක් නෑ. ඒකෙන් අදහස් කරන්න පුළුවන් රැග් එකෙන් රැග් එක සාධාරණය කරන්න ගේන සුහදතාවය පිළිබඳ තර්කය බිඳ වැටෙන බව. මගේ පෞද්ගලික අදහස වල්මත් වූ පිස්සන් ටිකකගේ ව්‍යාකූල අදහස් ක‍්‍රියාවට නගන නිහීන වැඩක් රැග් එක කියන්නේ. අලූත් ලෝකෙට මේ ගෝත‍්‍රික සංකල්ප ගැලපෙන්නේ නෑ.’’

සංක ප‍්‍රකාශ කළ ආකාරය විශ්ව විද්‍යාල සිසුන් බහුතරයක් නවක වදයට විරුද්ධය. ගෝත‍්‍රික සංකල්ප ඇති කිහිප දෙනෙක් පමණක් නවක වදය ඉදිරියට ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරති. පසුගිය සතියේ රෝහල් ගත වීමට සිදු වූ පේරාදෙණිය සරසවියේ සිසුවා එහි එක් ගොදුරක් පමණි.

එක් විශ්ව විද්‍යාලයක සිසුවකුට තට්ටු හතරක නේවාසිකාගාරයේ ඉහළ මාලයේ සිට පහළ මාලයට දිනපතා දණගාගෙන නගින්නට සහ බහින්නට සැලස්වා තිබිණි. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ නවක වදය ඉවසා ගත නොහැකිව එක සිසුවෙකු මානසික රෝගියකු වීමයි. සිසුන් හතර දෙනකුගේ ගුද මාර්ගයට ප්ලාස්ටික් බට බැස්සවීමේ සිද්ධියක් මෑතකදී වාර්තා විය.  බොහෝ සරසවිවල මේ වන විට නවන වදය ක‍්‍රියාත්මක නොවන මට්ටමක තිබුණත් විකෘති මානසික තත්ත්වයන් ඇති මෙවැනි පිරිස් ඉඳ  හිට සිටිති.

විශ්ව විද්‍යාලවල නවක වදය නැවැත්වීම සඳහා විශේෂ පණතක් ද ගෙන ආවේය. ඒ 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක‍්‍රියාකාරකම් තහනම් කිරීමේ පනතයි. නවක වදය නැවැත්වීමට බොහෝ නීති රීති තිබුණත් බහුතරයක් සිදු වන්නේ ඒ නීති රීතිවලට මුවා වී ශිෂ්‍ය මර්දනය   කිරීම පමණි. සැබෑ ලෙසම නවක වදය නැවැත්වීමට කටයුතු කිරීම නොවේ.

තාක්ෂණය අතින් දියුණු වත්මන් සමාජයේ නවක වද සිදුවීම් රැසක් සමාජය මාධ්‍ය හරහා දර්ශන සහිතව අනාවරණය විය.  නමුත් ඒ බහුතරයකට තවමත් නිසි පියවර ගෙන නැත. පරිපාලනමය වැරදිවලට කතා කරන සිසුන්ට දිගින් දිගටම පන්ති තහනම් කිරීම් වැනි විනය පියවර ගත්තද ඇත්තටම නවක වදය දෙන සිසුන්ට එවැනි දඬුවම් ලැබෙනවාද යන්න ගැටලූවකි. ගෝත‍්‍රික නවක වදය නැවැත්වීමට නම් මුලින්ම විශ්ව විද්‍යාල ප‍්‍රජාව ඊට එරෙහිව ප‍්‍රසිද්ධියේ කතා කළ යුතුමය.

ශිෂ්‍ය සංගම් හා පරිපාලනයත් රකින්නේ අපරාධකරුවන්වයි
මාලිංග ප‍්‍රසාද්- නවකවිරෝධියකු හැටියට කටයුතු කළ සරසවි උපාධිධාරියෙක්

‘මේ නවක වදය වගේ දේවල් පවත්වාගන යන්න විශ්වවිද්‍යාල පරිපාලනය රැකවරණය දෙනවා. විශේෂයෙන්ම පේරාදෙනිය සරසවියේ පසු ගිය කාලය පුරාම සිදුවීම් ගණනාවක් උනත් එහි උපකුළපතිවරයා එය සඟවා ඉන්න උත්සහ කරන්න්‍්‍ර. බොහෝ සරසවි වල පරිපාලනයට අවශ්‍ය වෙලා තියෙන්නෙ නවක වද සිඳුවීම් සඟවා ගනිමින් තමන්ගේ පරිපාලන කාලය තුළ හොඳින් පරිපාලන කටයුතු සිදු වුන බවට අඟවන්නයි.

මේ තත්වයන් පාලනය කරන්නට ශිෂ්‍ය  සංවිධාන වලට එතරම්  ඕනෑකමක් පේන්නෙ නැහැ. මොකද සිදුවීම් ගණනාවකදීම කොළඹ, පේරාදෙණිය, ජපුර, කැළණිය වගේ සරසවි වල.උනත් මහා ශිෂ්‍ය සංගම පෙනී සිටියෙ නවක වදයේ යෙදෙන්නන්ගෙ පාර්ශවයේ. නැතිව නවක වදයට ගොදුරු වූවන්ගෙ පැත්තෙ නොවෙයි. අන්තරය වුණත් පාරට බැහැලා අධ්‍යාපනයේ අයිතිය තහහුරු කරන්න කියලා උද්ඝෝෂණ කරනවා. අනෙක් පැත්තෙන් ඔවුන් සාමූහිකව සරසවි වල නවකයන් සරසවිය තුළ වද බන්දනයට ලක් කරනවා.

අනෙක් අතට ලොකුම ඛේදවාචකය නම් නවක වදයට ලක්වන ඇතැමුන් ඒක සුන්දර දෙයක් විදිහට බාර ගැණීමයි. මේ ලඟදි කොළඹ සරසවියේ ශිෂ්‍ය යෙකුගෙ උපන් දිනයක් වෙනුවෙන් ඔහුව නිරුවත් කරලා කණුවක බැඳලා මඩ වලින් නාවනවා. ඒක තමා ඔහු ජීවිතයේ වඩාත්ම සතුටින් උපන්දිනය සැමරුව දවස කියලා ඔහු සටහනක් දාලා තිබ්බා.’’

 

 

ලංකාවේ හිටපු ජනපති ඇතුළු දැනට ලංකාවේ සිටින සුපිරි ප්‍රකෝටි පතියන් දසදෙනා මෙන්න ඔවුන්ගේ වත්කම් කියවලාම බලන්න

01. ධම්මික පෙරේරා

ලංකාවේ පළමුවන කෝටිපතියා ලෙස සැලකෙන්නේ ධම්මික පෙරේරා මහතායි. මොහු වෘත්තියම වශයෙන් ව්‍යාපාරිකයෙකි. ධම්මික පෙරේරා උපත ලැබුවේ 1968 වර්ෂයේ පයාගල ප්‍රදේශයේ ය. ධම්මික පෙරේරා යනු වලිබල් වන් සමුහ ව්‍යාපාරයේ ආරම්භක සභාපති සහ කලමනාකර අධ්‍යක්ෂකවරයා යි. තවද සම්පත් බැංකුව එල් බි ෆිනෑන්ස්  වැනි ප්‍රසිද්ද ආයතන රැසක හිමි කරුවෙකි මේ වන විට ඔහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 750ක් පමණ වේ.

02. කපිතාන් සොහලි සහ රුසි

ලංකාවේ කෝටිපතියන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමි වන්නේ කපිතාන් සොහලි සහ රුසි පවුලයි. මෙම පවුල ශ්‍රී ලංකාවේ විශාලතම සමුහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හී ප්‍රධාන කොටස් කරුවෙක් මෙන්ම කොළඹ රසායනික කර්මාන්ත හෙවත් CIC හෝල්ඩින්ග්ස් හි ප්‍රධාන කොටස් කරුවෙකි.
වර්තමානය වන විට මොවුන්ගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 450ක් පමණ වේ.

03. හැරී ජයවර්ධන

මොහු සිටින්නේ ශ්‍රී ලංකාවේ කෝටිපතියන් අතරින් තුන් වන ස්ථානයේයි. මොහුද වෘත්තියම වශයෙන් ව්‍යාපාරිකයෙකි. හැරී ජයවර්ධන මහතා උපත ලැබුවේ 1942 වර්ෂයේ ජා ඇළ ප්‍රදේශයේදී ය. වර්තමානය වන විට මොහු ශ්‍රී ලංකාවේ ඩිස්ටිලරීස් (Distilleries ) සමාගමේ සහ ලංකා බෙල් ලිමිටඩ්හි සභාපති මෙන්ම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා.
වර්තමානය වන විට මොහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 350ක් පමණ වේ.

04. මනෝ සෙල්වනාතන්

01. ධම්මික පෙරේරා


ලංකාවේ පළමුවන කෝටිපතියා ලෙස සැලකෙන්නේ ධම්මික පෙරේරා මහතායි. මොහු වෘත්තියම වශයෙන් ව්‍යාපාරිකයෙකි. ධම්මික පෙරේරා උපත ලැබුවේ 1968 වර්ෂයේ පයාගල ප්‍රදේශයේ ය. ධම්මික පෙරේරා යනු වලිබල් වන් සමුහ ව්‍යාපාරයේ ආරම්භක සභාපති සහ කලමනාකර අධ්‍යක්ෂකවරයා යි. තවද සම්පත් බැංකුව එල් බි ෆිනෑන්ස්  වැනි ප්‍රසිද්ද ආයතන රැසක හිමි කරුවෙකි මේ වන විට ඔහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 750ක් පමණ වේ.

02. කපිතාන් සොහලි සහ රුසි


ලංකාවේ කෝටිපතියන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමි වන්නේ කපිතාන් සොහලි සහ රුසි පවුලයි. මෙම පවුල ශ්‍රී ලංකාවේ විශාලතම සමුහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හී ප්‍රධාන කොටස් කරුවෙක් මෙන්ම කොළඹ රසායනික කර්මාන්ත හෙවත් CIC හෝල්ඩින්ග්ස් හි ප්‍රධාන කොටස් කරුවෙකි.
වර්තමානය වන විට මොවුන්ගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 450ක් පමණ වේ.

03. හැරී ජයවර්ධන


මොහු සිටින්නේ ශ්‍රී ලංකාවේ කෝටිපතියන් අතරින් තුන් වන ස්ථානයේයි. මොහුද වෘත්තියම වශයෙන් ව්‍යාපාරිකයෙකි. හැරී ජයවර්ධන මහතා උපත ලැබුවේ 1942 වර්ෂයේ ජා ඇළ ප්‍රදේශයේදී ය. වර්තමානය වන විට මොහු ශ්‍රී ලංකාවේ ඩිස්ටිලරීස් (Distilleries ) සමාගමේ සහ ලංකා බෙල් ලිමිටඩ්හි සභාපති මෙන්ම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා.
වර්තමානය වන විට මොහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 350ක් පමණ වේ.

04. මනෝ සෙල්වනාතන්

මොහු වෘත්තියම වශයෙන් ව්‍යාපාරිකයෙකි. මොහු සිබැන්කු ඇසට් මැනේජ්මන්ට් ලිමිටඩ් (ceybank asset management Ltd) හි කමිටු සාමාජිකයෙකි. එමෙන්ම ශ්‍රී ක්‍රිෂ්ණ නීතිගත සංස්ථාවේ, සිලෝන් ෆිනෑන්ස් සහ සෙකියුරිටි සමාගමේ සභාපති ධුරයද දරයි.
වර්තමානය වන විට මොහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 3 පමණ වේ.

05. හැරී සෙල්වනාතන්

මොහු කෝටිපති ලැයිස්තුවේ හතර වන ස්ථානයේ සිටින මනෝ සෙල්වනාතන් යන පුද්ගලයාගේ සහෝදරයෙකි. මොහු මේ වන විට ගුඩ්හෝල්ඩ් ඒෂියා හෝල්ඩින්ග්ස් ලිමිටඩ් හි උප සභාපති සහ බුකිට් දරාහ් (Bukit Darah) සමාගමේ සභාපති ලෙස කටයුතු කරයි.
වර්තමානය වන විට මොහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන දෙක හමාරක් පමණ වේ.

06. මහින්ද රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ 6 වෙනි ජනාධිපතිවරයා මෙන්ම ශ්‍රී ලංකාවේ දැනට සිටින කෝටිපතියන් අතරින් 6 වෙනියාද වේ. මහින්ද රාජපක්ෂ මහතා 1945 වර්ෂයේ වීරකැටිය ප්‍රදේශයේ උපත ලැබීය. මොහු නීතීඥවරයෙකු මෙන්ම දේශපාලනඥයෙකු ද වේ.
වර්තමානය වන විට මොහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන දෙක හමාරක්ක්  පමණ වේ.

07. අශෝක් පතිරාජගේ

මොහු ඔඩෙල් (Odel) සමාගමේ, ආසිරි හොස්පිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ සහ NDB කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති ලෙස කටයුතු කරනවා. එමෙන්ම ජාතික සංවර්ධන බැංකු සමාගමේ (National Development Bank PLC ) උප ප්‍රධාන සභාපති ලෙසද කටයුතු කරනවා.
වර්තමානය වන විට මොහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන ක් පමණ වේ.

08. ඩබ්. කේ. එච්. වැගපිටිය

මොහු ලාෆ්ස් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් හි නිර්මාතෘ මෙන්ම විධායක සභාපති ද වේ. මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබධව පශ්චාත් උපාධිධාරියෙකු වේ.
වර්තමානය වන විට මොහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන ක් පමණ වේ.

09.මුසෆ්ෆර් අලී යසීන් (Muzaffar Ali Yaseen )

මොහු 1942 වර්ෂයේ උපත ලද්දෙකි. මොහු Readywear ඉන්ඩස්ට්‍රි නම් ප්‍රධාන පෙලේ නිමි ඇදුම් නිෂ්පාදන සහ අපනයන ආයතනයේ නිර්මාතෘ මෙන්ම සභාපති ද වේ. එමෙන්ම Foodbuzz පුද්ගලික සමාගමෙහි සභාපති ධුරයද දරයි.
වර්තමානය වන විට මොහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන ක් පමණ වේ.

10. වයි. එස්. එච්. අයි. කේ. සිල්වා

යෝන්මෙර්රන්නගේ සයිමන් හේවගේ ඉන්ද්‍රා කුමාර් සිල්වා යන මොහු ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගමෙහි සභාපති වේ.
වර්තමානය වන විට මොහුගේ මුලු වත්කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන ක් පමණ බව සදහන් වේ

උපුටාගැනීම අන්තර් ජාලයෙනි

නොමිලේ කොන්ඩම් දුන්නත් පාවිච්චි කරන්නේ නෑ සමලිංගිකයින් හින්දා ලංකාවට වෙන්න යන දේ මෙන්න ඔබත් මේ ගැන අවදානයෙන් ඉන්න

පසුගිය වසරේ එච්.අයි.වී රෝගීන් 280 ක් පමණ හොයාගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

පසුගිය වසරේ හමුවූ රෝගීන් 280 න් රෝගීන් 220 ක් පමණ පිරිමි රෝගීන් බවත් ඉන් බහුතරයක් සමලිංගික සම්බන්ධතා පවත්වන පද්ගලයින් බව වෛද්‍යවරයා පැවසීය.

එච්.අයි.වී ආසාධිත රෝගීන් සොයා ගැනීමට පරීක්ෂණ වැඩිපුර කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වන විට ච්.අයි.වී රෝගින් 4000 ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇති අතර ඒ අය සොයා ගන්න පරීක්ෂණ කළ යුතු බවද වෛද්‍ය වරයා පැවසීය.

එච්.අයි.වී ආසාධිත රෝගීන් වැඩි පිරිසක් වයස අවුරුදු 25 ත් 45 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන බවත් මීට අමතරව ළමා රෝගීන්ද සිටින බව වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන අය පිළිබඳව පරීක්ෂණ කළ යුතු බවත් ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන්, පිරිමි සමලිංගික සම්බන්ධතා පවත්වන අය හා මත්ද්‍රව්‍ය භාවිතා කරන අය මේ පරීක්ෂණ වලට අනිවාර්යෙන් යොමු විය යුතු බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසීය.

මේ අතර සායන සඳහා සහභාගී වන සියලුම මව්වරුන්ගේ ලේ සාම්පල මේ වන විට පර්ක්ෂා කරන බවත් ඊට අමතරව රුධිරය දන් දෙන පුද්ගලයන්නේ ලේ සාම්පල එව්. අයි. වී පරික්ෂාවට ලක් කරන බව වෛද්‍යවරයා පැවසීය.

මීය අමතරව පෞද්ගලික අංශයෙන් ලක්ෂ දෙකක් පමණ වසරකට එව්.අයි.වී පරීක්ෂණ සිදු කරන බවත් ලබන වසර වන විට සියලුම රජයේ රෝහල්වල මෙම එච්.අයි.වී පරීක්ෂණය සිදු කිරීමට කටයුතු කරන බවත් වෛද්‍යවරයා පැවසීය.

මෙය පැතීරිම වැලැක්වීම සඳහා මේ වන විට ඔවුන් දැනුවත් කිරීමේ කටයුතු හා ඔවුන්ට අවශ්‍ය කොන්ඩම් බෙදා දීමේ කටයුතු මේ වන විට සිදු කර පවතින අතර එහෙත් ඉන් කොන්ඩම් පාවිච්චි කරන පුද්ගලයින් සියයට 50 ක් බවද වෛද්‍යවරයා පැවසීය.

එච්.අයි.වී ආසාධිත රෝගීන් සමාජයෙන් කොන් කිරීම නිසා ආසාධිත රෝගීන් සායන සඳහා පැමිණීමට මැළිකමක් දක්වන බවත් එය නැවැත්විය යුතු බවත් එවැන් ආසාධිත රෝගීන් සමාජයේ සිටීමෙන් සිදු වන්නේ තවත් නිරෝගී පුද්ගලයෙකුට එය බෝවීම බව වෛද්‍යවරයා පැවසීය.

2025 එච්.අයි.වී රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ඉලක්කය සම්පූර්ණ කිරීමට නම් ඔවුන් කොන් කිරීම නැවැත්විය යුතු බව ඔහු පැවසීය.

එව්.අයි.වී පාලනය කිරීම සඳහා අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් වලින් ජනතාව වැලකී සිටිය යුතු බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා වැඩිදුරටත් පැවසීය.

අවුරුදු 20ක් එකම කමිසය අඳින කොටි විසින් මරා දැමූ හමුදාවේ පළමු සෙබළියගේ තාත්තා කියන පුදුම හිතෙන සංවේදී කතාව

අවුරුදු 20ක් එකම කමිසය අඳින කොටි විසින් මරා දැමූ හමුදාවේ පළමු සෙබළියගේ තාත්තා කියන පුදුම හිතෙන සංවේදී කතාව

කොඳ මල් සිනාසේ
විල් නිල් ජලාසේ
රණ හංසයෝ පීනති
සඳකැන් බිබී නෑවෙති

කිංකිණි නොසොල්ලා
නටමින් වරෙල්ලා
සුර කෙල්ලනේ අෑ නිදී
මගෙ මැණික සුව සේ නිදී….

තාත්තා කෙනෙක් මේ තරම්ම පරිස්සමෙන් ආදරෙන් තමයි තමන්ගේ දූ සිඟිත්ත නිදි කරවන්නේ. තමන්ගේ දෝණිගේ සුව නින්ද තාත්තා කෙනෙකුට කෙයිතරම් වටිනවද කියලා මේ පද පේළිවලින්ම කියවෙනවා. දෙමව්පියන්ට දරුවෝ කියන්නේ රටක් රාජ්‍යයක්. ඒ ගැන ආයෙ ආයෙත් කියන්න ලියවෙන වචන අපරාදේ. ඒ තරමටම ඒ සබැඳියාව අමිලයි. මේ අතරේ තාත්තගෙත්, දුවගෙත්් තියෙන සම්බන්ධයට මේ ලෝකේ හැම බැඳීමක්ම යටයි කියලා වෙලාවකට හිතෙනවා. දුවෙක් නැති ගෙදරක් මලක් නැති හිස් මිදුලක් කියන්නා සේම දුවෙක් නැති තාත්තා කෙනෙක් මිණි කිරුළක් නැති රජෙක් වගේ කියලයි මට හිතෙන්නේ. මනෝ විශ්ලේෂකයෝ ඒ බැඳීම කොහොම විග්‍රහ කළත් ඒ බැඳීම හරිම ආදරණීයයි.

පුරුෂ මූලික ඓතිහාස සමාජය ඇතුළෙදි මේ බැඳීම සහතික කරන්න ගලක පත් ඉරුවක ලියලවත් සාක්ෂි ඉතුරු කරලා නැහැ. ඒත් ඉන් පසුව මේ දක්වා බිහිවෙන සාහිත්‍ය තුළ තාත්තාගෙත් දුවගේත් ආදරණීය සම්බන්ධය හරි අපූරු විදිහට සටහන් කරලා තිබුණා. ඒකට හොඳම උදාහරණය වුණේ සරත්චන්ද්‍රයන්ගේ “සිංහබාහු” නාට්‍යය. තමන් ආදරයෛන් රැකබලාගත් සියල්ලෝම සිංහයා හැර ගිය අවස්ථාවේදී ඔහු විශේෂයෙන්ම ප්‍රශ්න කරන්නේ තමන්ගේ දියණියගෙන්.

“සුරතල් දියණිය
මොළකැටි වදනින්
මා සනසන්නිය
අහර පිසන්නිය
කවන්නිය පොවන්නිය
මා ගැන බිය වන්නිය
වනයේ දුකක් වෙද
අසන්නිය සොයන්නිය..
ඇයි සුදු දුවණිය නුඹවත් නොසිටියේ….?”

දියණියක් කොයිතරම් නම් තාත්තා කෙනෙක් ගැන සොයනවා දැයි මේ පද පේළිවලින් කියවෙනවා. ඒකයි ඕනම තාත්තා කෙනෙක් විශ්වාස කරන්නේ කවදාම හරි තමන්ගේ පුතා අහක බැලුවත් තමන්ගේ දෝණි කවදාවත්ම එහෙම කරන්නේ නැහැ කියලා. ඒ වගේම ඕනම දුවෙක්ට විශ්වාසයි මේ ලෝකේ තමන්ව අඬවන්නේ නැතුව හමුදා බලඇණියක් ආවත් ආරක්ෂාව දෙන්න පුළුවන් මේ පොළොවේ පය ගහලා ජීවත්වෙන එකම පිරිමියා මගේ තාත්තා කියලා. ඒ දෙන්නගේ ආදරය හොරකම් කරන්න තවම කාටවත් පුළුවන් වෙලා නැහැ.

සාහිත්‍ය කතාවලට එහා ගියපු අපිට එදිනෙදා හමුවෙන තාත්තලාගේත්, දූවරුන්ගේත් ආත්මීය ආදර කතා අපට අහන්න දකින්න ලැබෙනවා. මේ කියන්න යන්නේ මං අත්දැක්ක තාත්තා කෙනෙක් දුවකට තියෙන ආදර කතාවක් ගැන. ඒ තාත්තත් එක්ක කතා කළාට පස්සේ මට හිතුණේ ඔව් ඇත්තටම තාත්තා කෙනෙක්ට වගේ කෙල්ලෙකුට මේ තරම් කාලයක් ආදරය කරන්න කාටවත්ම බැහැ කියලා… මේ කියන්නේ ඒ ආදර කතාව.

මේ තාත්තගේ නම ඩේවිඩ්. සුදට සුදේ ඇඳගෙන අපේ ළඟටම ඒ තාත්තා ආවේ එයාගේ දූ ගැන කතාව කියන්න. “මට ඉන්නේ දුවලා තුන්දෙනෙක් විතරයි. තුන්දෙනාගෙනුත් මම මේ කියන්න යන්නේ මගේ ලොකු දුව ගැන. එයාගේ නම ඉරේෂා නිල්මිණී. එයා ඉගෙනගත්තේ නුගේගොඩ සෙන් ජෝසප් කන්‍යාරාමයෙන්. එයා ඉගෙනගන්න කාලේ හරිම දක්ෂයි. බාලදක්ෂ කණ්ඩායම, පාසල් තූර්යවාදන කණ්ඩායම, ශිෂ්‍ය නායක කණ්ඩායම මේ හැමදේකදිම එයා කැපී පෙනුණා. ඒ තරම් දක්ෂයි මගේ දුව. මෙහෙම ඉඳලා එයා උසස් පෙළ විභාගයත් පාස් වෙලා තව පාඨමාලා කිහිපයක් හැදෑරුවා. එයා හරිම ලස්සනයි.” ඒ තාත්තා එහෙම කියලා කතාව ටිකකට නැවැත්තුවා.

ඉස්සර ඉඳලම අපි අහලා තියෙන කතාවක් තමයි ගෙදරකට ඕන කටකාර පුතෙකුත් හැඩකාර දුවෙකුත් කියලා. මේ තාත්තතට හා හා පුරා කියලා ලැබුණු මේ දෝණිගේ කටකාර බවත්, හැඩකාර බවත් ඕනවටත් වඩා පිහිටලා තිබුණා වෙන්න ඇති. දිග හුස්මකුත් පිට කරලා ඒ තාත්තා ආයෙත් කතාව පටන්ගත්තා….

“මේ කාලේ තිබුණා දෙහිවල ගල්කිස්සේ රූප සුන්දරිය තෝරන තරගයක්. මගේ දුව ලස්සන නිසා අපි එයාව ඒකට ඉදිරිපත් කළා. එයා තරගෙන් ජයග්‍රහණයත් කළා. ඊටපස්සේ මිස් ජෙසි ක්වීන් ශ්‍රී ලංකා කන්ටෙස්ට් එකක් තිබුණා. ඒකෙනුත් එයා ඉස්සරහටම ගියා. මේ මොන දේ කළත් එයාගේ හිතේ තිබුණේ වෙන ආශාවක්. ඒ තමයි යුද හමුදාවට බැඳෙන එක. අනේ මන්දා ඇයි කියන්න. ඒත් එයා ඒකට යන්න හරිම කැමැත්තකින් තමයි හිටියේ.

මේ වෙනකොට එයා වැඩ කළේ නාරාහේන්පිට ආසිරි රෝහලේ පිළිගැනීමේ නිලධාරිනියක් විදිහට. ඉතින් මේ රෝහලට නාරාහේන්පිට යුද හමුදා පොලීසියේ අය යුනිෆෝම් එකෙන් ඇවිත් සමහර වෙලාවට බෙහෙත් ගන්නවා. මෙන්න මේ වෙලාවේ තමයි එයාට තදින්ම මේ කැමැත්ත ඇති වුණේ.

ඒ වෙනකොට රටේ තදින්ම යුද්ධෙත් තිබුණා. ඒත් එයා එඩිතර වෙලා මේකට යන්නම ඕන කිව්වා. මම එතකොට පොලිස් මූලස්ථානයේ පරිපාලන අංශයේ කෙනෙක් විදිහට තමයි සේවය කළේ. ඉතින් මම කිව්වා පේනවනේ මම විඳින දුක. ඔයාටත් ඕන ඒකට යන්නද කියලා. ඒත් එයා කිව්වෙම ‘නෑ කමක් නෑ තාත්තේ මං යන්න ඕනෙ.’ කියලා. එයා අයදුම් පත්‍රයක් දැම්මා. ඒ තනතුරට ඉල්ලලා තිබුණේ 8දෙනයි. ඒත් අයදුම්පත්‍ර 8000ක් ඇවිත් තිබුණා. මම දන්නේ නැහැ දුවගේ වාසනාවට ද, අවාසනාවට ද කියලා. එයා ඒකට තේරුණා. ඒ යුද හමුදා පොලීසියට. අනුරාධපුර යාපනේ වගේම එයා කොළඹත් සේවය කරගෙන හිටියා හොඳින්.

එයා පවුලට හරිම ආදරය කළ දරුවෙක්. මට හොඳට මතකයි දවසක් ජූනි මාසෙක එයා නිවාඩුවට ගෙදර ආවා. ඒ එනකොට චීස් ටින් එකක් ගෙනත් තිබුණා. එයා ඒක හරියට කෑලි 5කට කපලා අපි හතර දෙනාට දුන්නා. මම පොඩි කෑල්ලක් කාලා ඉතුරු ටික නංගිලා දෙන්නට දුන්නා. ඒ දැකලා මගේ පස්සෙන් ඇවිත් ඇයි තාත්තා එහෙම කළේ කියලා අහලා එයාගේ කෑල්ල මට දුන්නා.”

ඒ තාත්තා ඒක කියනකොට කඳුළුවලින් ඇස් ගෙඩි දෙක පිරිලා ගියා… ඇත්තට දුවෙක්ට විතරමයි ඒ තරමටම තාත්තා කෙනෙක් වෙනුවෙන් හිත උණු වෙනවා ඇත්තේ. ඒකයි හැම තාත්තා කෙනෙක්ම දුවෙක්ව ප්‍රාර්ථනා කරනවා ඇත්තේ… ඒ කඳුළු මැදින් තාත්තා ආයෙත් කතාව පටන්ගත්තා.

“එදා 1996 දෙසැම්බර් 24 වෙනිදා එයා නිවාඩු ගත්තා. මමත් නිවාඩු ගත්තා ශ්‍රීපාදේ යන්න. අපි හැමදේම හදාගෙන හිටියේ. අපි කතෝලික නිසා, ආයේ එන්නේ ජනවාරිවල නිසා මම දුවට කිව්වා ඔෆිස් එකේ අයට කේක් එකක් ගිහින් දීලා එන්න කියලා. ඒ දීලා පහළට බහිනකොට තවත් නිලධාරියෙක් එයාට කිව්වා ඉරේෂා ඔයාට හෙට යාපනේ යන්න වෙනවා කියලා. මගේ දුව එතකොට නිවාඩු අරගෙන තිබුණේ. ඒත් එයා නිශ්ශබ්දව ඒකට මුකුත් නොකියම හා මම යන්නම් කියලා භාරගත්තා. ඉතින් ඒත් එක්කම අපේ ගමන් ඔක්කොම නවත්තලා එයා යාපනේ ගියා…”

ජීවිතේ සමහර අවස්ථාවලදී එක පෙළට සිදුවෙච්ච දේවල් දිහා ආයෙත් බලනකොට අපට හිතෙනවා අයියෝ ඇයි ඒ වෙලාවේ අපිට ඒක නවත්තගත්ත බැරි වුණේ කියලා. ඇයි අපිට එපා කියන්න, බැහැ කියන්න බැරි වුණේ කියලා. මේ තාත්තට දැන් එහෙම හිතෙනවා ඇති කියලා මගෙ හිත කිව්වා. ජීවිතේ එහෙමයි ගලාගෙන යන්නේ හරිම වේගෙන්. අපි පුළුවන් කියලා හිතුවත් සමහර දේවල් සිදුවෙන වේගෙට අපිට නවත්වගන්න බැරි වෙනවා. ඊට පහුවෙනි දවසේ මේ තාත්තට හරි නුහුරු සිදුවීමකට මුහුණදෙන්න වෙනවා. ඒ තමයි රාජගිරිය පල්ලියේ එම්.ජෝසප් පියතුමා මේ තාත්තගේ ගෙදර එන එක.

“පියතුමා ගෙට ගොඩවෙනකොටම ඇහුවේ ඔයගොල්ලො සිරීපාදේ යන්නනේ හිටියේ. ඇයි නොගියේ කියලා… මමත් ගත් කටටම ඇහුවේ අපි යන බව දන්නව නම් ඇයි ෆාදර් අපේ ගෙදර ආවේ කියලා. ඊට පස්සේ ෆාදර් කිව්වා, මම හීනයක් දැක්කා. ඒක කිව්වට කමක් නැද්ද කියලා…. ඒක හීනයක්නේ ෆාදර්. කමක් නෑ කියන්න කියලා මම කිව්වා. ෆාදර් හීනෙන් දැකලා තිබුණා මගෙ දුව බෝම්බයකට අහුවෙලා කෑලිවලට පිපිරිලා යනවා. ඒ 26 වෙනිදා හරියටම ෆාදර් එහෙම කියලා ගියා.”

අපේ ජීවිත ඇතුළේ සිද්ධ වෙන සමහර දේවල් හරිම අමුතුයි. ඒවා කොහොමද වුණේ සහ කොහොමද වෙන්නේ කියලා අපිට හරියට විස්තර කරගන්න බැහැ. අපි දකින හීනත් ඒ වගේ. සමහර වෙලාවට ඒ හීන අපිට මඟ කියනවා. මේකත් ඒ වගේ පෙරනිමිත්තක්.

“දුවේ මට වතුර ටිකක් දෙන්න.” කතාව ටිකක් නවත්තලා ඒ තාත්තා මගෙන් වතුර ටිකක් ඉල්ලුවා. එක හුස්මට වතුර බොනකොට මට දැනුණේ මේ කතාවේ ඒ තාත්තට කියාගන්න බැරිම කොටසට අපි ළඟා වුණා කියලා. ඒ පපුව වේගෙන් ගැහෙන වග වගේම වචනවල මීට කලින් තිබුණට වඩා හරිම අප්‍රාණවත් බවක් මට දැනුණා.

“එදා 1997 ජනවාරි 2දා උදේ. මට මං දන්න අඳුරන කෙනෙක් කෝල් කරලා කිව්වා මගේ දුවට කරදරයක් කියලා. මම ඒ ගමන්ම හමුදා ක¼දවරට ගිහින් හමුදාපතිතුමා හමුවෙන්න ගියා. ඒ වෙනකොට එහේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ යාපනේ කලබලයක් වුණා කියලා. ඒ අය මගෙන් ප්‍රශ්න කළා අපට කලින් ඔයාට කොහොමද පණිවිඩේ ආවේ කියලා. එයාලත් පුදුම වුණා. මම කීවේ මට ලැබුණු ආරංචියක් නිසා කියලා විතරයි.

ඊට පස්සේ හමුදාපතිතුමා මාව නාරාහේන්පිට යුද හමුදා මූලස්ථානයට පිටත් කළා. මම එතැන දවල් 12.30, 1.00 විතර වෙනකම් හිටියා.” මේ ගෙවා දමපු හෝරාවන් කොහොමද කියලා අපි ඒ තාත්තගෙන් අහන්න ඕන නැහැ. අනන්තවත්, නොදැකපු දෙවියන්ගෙන් කන්නලව් කරන්න ඇති. දන්න යාතිකා ඔක්කොම එක හුස්මට කියන්න ඇති. ඒ වෙලාවේ… ඒත් සමහරු යන්න හදනකොට නවත්වන්න දෙවියන්ටවත් බැරි වෙනවා.

“තාත්තා කිව්ව ආරංචිය හරි. තාත්තගෙ දුවට පොඩි අනතුරක් වෙලා…” එක්තරා නිලධාරියෙක් ඇවිත් කියනකොට තමයි ඒ තාත්තට සිහිය එන්නේ. තාත්තා ගිහින් බනකොට එයාගේ දුවට වෙලා තිබුණේ කිව්වා වගේ පොඩි අනතුරක් නෙමෙයි. වෙන්න තියෙන ලොකුම අනතුර. දීග යවන්න මඟ බලාගෙන හිටපු ලොකු කෙල්ලව ඊටත් කලින් දෙව්ලෝකෙට යවන්න මේ තාත්තට සිද්ධ වෙනවා.

මේ ගමනත් එක්ක ඉරේෂා කියන්නේ යුද හමුදා පොලීසියේ මියගිය පළමු නිලධාරිනිය විදිහට ඇය ඉතිහාසගත වෙනවා. ඇය ගැන ඉතිහාස පොතේ මොන විදිහට ලියවුණත් ඒ තාත්තගේ හිතේ තියෙන්නේ එයාගේ ලොකු දුව යන්න ගියා කියලා විතරමයි. ඇය මියගිහිල්ලා මේ ජනවාරි 2 දාට අවුරුදු 21ක් පිරෙනවා. ඒත් ඒ තාත්තගේ ඇස්වලින් එන කඳුළු තවමත් උණුසුම්. අවුරුදු 21කට කලින්දා වගේම.

ඉරේෂා මියයන්න කලින් අවුරුද්දේ ජනවාරි 1 වෙනිදාට අඳින්න ඇය ගෙනත් දීලා තිබුණා තාත්තට නිල් කොටු තියෙන කමිසයක්. හැබැයි ඒ කමිසය අඳින්න වුණේ ඉරේෂාගේ මරණ ගෙයට කියල තමයි තාත්තා කියන්නේ. කතාව අහන් ඉන්න අපෙත් ඇස් කෙවෙනි රතු වෙන්න ගත්තේ ඒ තාත්තා කියපු ඊළඟ වචන ටික ඇහුවම. “මම අදටත් හැම අවුරුද්දකම ජනවාරි 2දාට මේ කමිසය අඳිනවා පුතේ. එයා කොහේ හරි ඉඳන් බලන් ඉන්නව ඇති. සතියකට දෙවතාවක් විතර මම තාමත් හීනෙන් දකිනවා එයාව. ඇවිත් මාත් එක්ක කතා කරලා යනවා.”

මේ ඩේවිඩ් තාත්තා රෝමානු කතෝලික භක්තිකයෙක්. ඔහු විශ්වාස කරනවා මියගිය සියල්ලෝම ලෝකාන්තයේදී හමුවෙනවා කියලා ආයෙත් එකට. මේ තාත්තා ඇඟිලි ගනිනවා ඇත්තේ ඒ හමුවීමට ද කියලා මට හිතුණා. තාත්තා කෙනෙකුගේ හිතේ දුවෙක් වෙනුවෙන් කොයිතරම් ඉඩක් තියෙනවද, කොයිතරම් ගැඹුරු ආදරයක් තියෙනවද කියලා ආයෙත් හිතන්න මේ කතාව අපට බලකරනවා. ඉරේෂා මියගිහින් අවුරුදු 21කට පස්සෙත් තවමත් දුව එක්ක හීනෙන් මේ තාත්තා කතා කරන්නේ ඒ ආදරේ නිසා. දුවෙක්ට මේ වගේ ආදරයක් ලබන්න පුළුවන් වෙන කාගෙන්ද?

මේ කතාවේ ආරම්භය කොහොම ගත්තත් ඒකේ අවසානය ලියවෙන්න ඕන විදිහක් මට හිතාගන්න බැහැ. මේ ලිපිය ලියන එක නතර කරලා ගමේ ගිහින් මගේ තාත්තා එක්ක මට ටිකක් කතා කරලා ළඟින් ඉඳලා එන්න ඕන කියලා හිතුණා. වචනයෙන් කියන්න බැරි ලොකු ආදරයක් එයත් හිතේ තියන් ඇති කියලා මට හිතුණා මේ වගේම. ඒක මේ වැඩ රාජකාරි අස්සේ මඟහැරගන්න මට ලෝබ හිතුණා. ඩේවිඩ් මහත්තයගෙත්, එයාගේ දුවගෙත් බලාපොරොත්තුව වෙන්නේ ලෝකන්තයේදී ඒ දෙන්නා ආයේ මුණගැහෙන්න. මේ කතාව අහපු මම බෞද්ධයෙක් නිසා මට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ මේ තාත්තගේම දුව වෙලා ආයෙත් මේ සංසාරෙදි මුණගැහෙන්න ඉරේෂාට පුළුවන් වෙන්න කියලා විතරමයි….

 

 

 

වන්දනාවට මිහින්තලයට පැමිණි බුතාන රැජිනගේ පොඩි හාමුදුරුවන්මිහින්තලා පුදබිමේදී තමන්ගේ පෙරභවය සිහිකරයි සියල්ලන්ම මවිතයට පත්වෙයි

බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව පවසමින් නිරන්තරයෙන් ඇවිටිලි කළ වයස අවුරුදු දෙකේදී පැවිදි බිමටපත් භූතානයේ රැජිනගේ මුණුපුරු සාමනේර හිමියන් ඇතුළු දූතපිරිසක් නිලනොවන සංචාරයකට පැමිණ පසුගිය දා මිහින්තලය රජමහා විහාරය වැදපුදා ගත්හ.

සිව්වන වියේ පසුවන රැජිනියගේ මුණුපුරා වන සාමනේර හිමියන් වයස අවුරුදු දෙකේදී පැවිදි වී තිබෙන බවත් සාමනේර හිමියන්ට ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසය පිළිබඳ ඇති දැනීම සම්බන්ධයෙන් මහ රැජිණිය මෙන්ම තමන් වහන්සේද මවිතයට පත්වූ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියයෝ පැවසූහ.

සාමනේර හිමියන්, භූතාන රැජිනිය සමඟ ඇගේ දියණිය වන සාමනේර හිමියන්ගේ මව සහ පැවිදි වී සිටින මුණුපුරා ගේ විහාරයේ නායක හිමිපාණන්, හා සාමනේර හිමියන්ගේ සහෝදරයා මෙන්ම ශ්‍රී ලංකාවේ භූතාන තානාපතිවරයා ඇතුළු දූත පිරිස පෙරේදා (31) මිහින්තලය පූජා භූමිය වැදපුදා ගැනීමට පැමිණ සිටියහ.

දැනට සිව්වන වියේ පසුවන සාමනේර හිමියන් වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවට පැමිණිය යුතුබවට ඇවිටිලිකරමින් හඬා වැටීම නිසා නිලනොවන අන්දමින් ශ්‍රී ලංකාවට පැමිණි බව රැජිනිය විහාරාධිපති ධම්මරතන හිමියන්ට පැවසුවාය.

සාමනේර හිමියන්ට ශ්‍රී ලංකාවේ ශාසනික ඉතිහාස සම්බන්ධයෙන් ඇති දැනීම පිළිබඳව මවිතයට පත්වූ විහාරාධිපති හිමියෝ මෙසේ කීය.

සාමනේර හිමියන් ලංකාවේ සෑම බෞද්ධ සිද්ධස්තානයක් පිළිබඳවම හොඳින් දන්නවා. කැලණිය විහාරයට වැඩම කළ අවස්ථාවේ එම විහාරයට බුදුන් වැඩිය බවත් පවසා තිබුණා. අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ වැදපුදා ගැනීමට ගිය අවස්ථාවෙත් ශ්‍රී මහ බෝධින්වහන්සේ බුදුන්ට බුදුවීමට පිටදුන් බෝධියේ ශාඛාවක් බව පවසා තිබුණා. රැජිනය හා ඇගේ දියණියත් සාමනේර හිමියන්ගේ මේ ප්‍රකාශයන්ට මවිතවී සිටියා.

උන්වහන්සේ මීටපෙර ලංකාවට වැඩමකර නෑ. උන්වහන්සේට මෙම දැනුම ලැබුණු ආකාරය පිළිබඳව මටත් හිතා ගන්න බැරුව හිටියේ. මිහින්තලයට වැඩම කිරීමෙන් පසුව මේ විහාරය මිහිඳු මාහිමිපාණන් ලංකාවට බුද්ධාගම රැගෙනා ආ ස්ථානය යනුවෙන් උන්වහන්සේ හඳුනාගත්තා. මිහින්තලා මහා සෑයේ බුදුන්වහන්සේගේ ඌරණ රෝම ධාතුව තැන්පත්කර තිබෙන බවත් පැවසුවා.

ඉන්පසුව ධාතුන් වහන්සේලා නැරඹීමට අවශ්‍ය බව පවසා ඒ පිළිබඳව විස්තර පැවසුවා.
මිහිදු හිමියන් ආදාහනය කිරීමට යොදාගත් දැවයන්හි අඟුරු පෙන්වූ අවස්ථාවේ ඒවා සඳුන් දැව බව උන්වහන්සේ පැවසුවා. ධාතු මන්දිරයට ගොස් සියළුම ගාථා හොඳින් සජ්ජායනා කරමින් වැදුම් පිදුම් කළා.

රැජිනිය ඇතුළු සියළුම දෙනා මවිතයට පත්වී සිටියේ. මාත් මවිතයට පත්වුණා; සාමනේර හිමියන්ගේ දැනුම පිළිබදව. රැජිනිය පවසනවා සාමනේර හිමියන් පෙර භවයන් වල ශ්‍රී ලංකාවේ හරි ඉන්දියාවේ හරි ඉපදිලා උසස් ආධ්‍යාත්මික ජීවිතයක් ගතකරන්න ඇති කියලා. බුදු දහම සම්බන්ධයෙන්ද සාමනේර හිමියන් බොහෝ දේවල් දන්නවා.

උන්වහන්සේ ලංකාවට වැඩම කළ පසුව පෙර භවයන් මතකයට එන්න ඇති කියලා මාත් විශ්වාස කරනවා යනුවෙන් නායක හිමිපාණන් පැවසූහ.