මුදල් නෝට්ටු වල ඇඳුනු කාබන් පෑන් ඉරි ගෙදර ඉඳන්ම ඉවත් කරන්න 100% සාර්ථක ක්‍රම මෙන්න

මුදල් නෝට්ටු වල ඇඳුනු කාබන් පෑන් ඉරි ඉවත් කරන්න ඉතා වටිනා ක්‍රම කිහිපයක් මෙන්න

දැන් හැමෝම දන්නවා මෑතකදි පනවපු මුදල් නෝට්ටු විකෘති කිරීමට එරෙහි පනත ගැන…ඒ පනතෙන් යම් යම් දේවල් ලියපු මුදල් නෝට්ටු ගනුදෙනු වලදි වලංගු නැති බව ප්‍රකාශ කරලා තියෙනවා…ඒක ඇත්තෙන්ම ගොඩක් හොඳ දෙයක් කියලයි මම නං හිතන්නෙ…

නමුත් ඔබ සතුව තිබෙන මුදල් නෝට්ටුවකත් පෑනකින් මොනා හරි ලියලා තියෙනවා නම් ඒක දැන් අවලංගු නෝටුටවක් වෙලා අවසානයි…රු 20ක් 50ක නම් හිත හදාගන්න පුලවන් උනාට රු1000ක් 5000ක් වගේ නං ඒක තමන්ටත් ලොකු පාඩුවක්…

එහෙම වෙලා තියෙන අයට මේක එක වැදගත් වේවි කියලා හිතලයි අද මේ post එක මම දාන්නෙ…කාබන් පෑන් ඉරි ඇඳිලා තියෙන මුදල් නෝට්ටු තියෙන අය මේක උත්සහ කරලා බලන්න….

ගෙදර දොරේ තියෙන පොඩි පොඩි දේවල් ටිකක් යොදාගෙන Carbon Ink අයින් කරගන්න ක්‍රම 3ක් මම කියන්නම්…

(01) acetone

මේ acetone කියන chemical එක carban පෑන් ඉරි මකන්න යොදාගන්න පුලුවන්…මේක හොයාගන්න බැරි කෙනෙකුට Nail Polish Remover එකක් යොදාගෙන පෑන් ඉරි ටික මකලා දාන්න පුලුවන්…Nail Polish Remover එකේ acetone අඩංගු වෙනවා…පුලුං ටිකකට මේ acetone දාලා පිහදාපුවහම පෑන් ඉරි ඉවත් වෙලා යනවා…කලු පාට තින්ත වලට වඩා නිල් පාට තින්ත ඉරි පහසුවෙන් ඉවත් වෙනවා…මේක තමයි හොඳම ක්‍රමය…

(02) Alcohol

Nail Polish Remover නැති අයට පෑන් ඉරි ඉවත් කරන්න Isopropyl Alcohol වර්ගයක් යොදාගන්න..ඒ කියන්නෙ සර්ජිකල් ස්ප්‍රීට් එකත් මේ වැඩේට හරියනවා…කලින් කියපු විදිහටම තමයි Use කරන්න තියෙන්නෙ…මේකත් සාර්ථක ක්‍රමයක්

(03) Lime Juice

ඉහලින් කියපු දේවල් දෙකම හොයාගන්න බැරි කෙනෙකුට දෙහි යුෂ ටිකක් යොදාගෙනත් කලින් කියපු විදිහට භාවිත කරලා පෑන් ඉරි මකාගන්න පුලුවන්…මේ ක්‍රමය අනික් ක්‍රම දෙක තරම් කාර්යක්ෂම නැති උනත් මේකත් Shapement එකක් දාගන්න ප්‍රමාණවත්…

රු 1000ක 5000ක වගේ ඉරි ඇදිලා නං Shop එකකින් හරි acetone එකක් අරගෙන ඉරි ටික මකාගත්තත් පාඩුවක් නම් නෑ…

මම මේ කියපු ක්‍රමය සල්ලි වල විතරක් නෙවේ කඩදාසි වල උනත් ඇදිලා තියෙන ඕනම පෑන් ඉරක් මකන්න ගන්න පුලුවන්…

දෙහි යුෂ නැතිව අනිත් chemical දෙකම ගිනිගන්නා සුළු නිසා පරිස්සමට Use කරන්න…

ජපානේ හොයාගන්නවත් නැති ලංකාවේ තාමත් රජකරන Bikes 10ක්මෙ න්න ඔබත් පදින සුපිරි වාහනේ ගැන දැනගන්න මේක කියවන්න

අද මාතෘකාව වෙන්නේත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් අපේ පේජ් එකට මැසේජ් කරලා අහන දෙයක් සමහර අය අපිට මැසේජ් කරලා අහනවා Hornet,Jade,AX-1 වගේ බයික්ස් අලුතෙන් හදන්නේ නැද්ද Brand new order කරන්න බැරිද වගේ ප්‍රශ්න ඒ වගේ ප්‍රශ්න හිතේ තියාගෙන අහන්න බැරි උන අයත් ඇතී ඒ හැමෝම වෙනුවෙන් මේ කෙටි ලිපිය අද අරගෙන ආවේ.

දැනට සම්පූර්ණයෙන් නිශ්පාදනය නවත්වන ලද ජපානයෙන් පවා ඉවත් කරන ලද ඒත් මෙහෙ තාමත් හොඳ අලෙවියක් තියෙන යතුරුපැදි 10ක් ගැන කෙටි සටහනක් කරන්න මේ අතරින් සමහර යතුරුපැදි ගැන දැනටමත් සම්පූර්ණයෙන් විස්තර කරලා තියෙනවා අපි.

මේ යතුරුපැදි ටික දැනට පවතින වෙළඳපොල මිල ගනන් අඩු වෙන පිලිවෙලට සඳහන් කරන්නම්.

1.Honda Hornet 250(CB250F) – 1996-2006

සිලින්ඩර හතරක DOHC 249cc four- stroke 16 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 40කින් උපරිම වේගය 180kmph ලබා දෙනවා.

නිශ්පාදිත වර්ශයට අදාල චැසි අංකය මත ලක්ශ 3.50(CH100) සිට ලක්ශ 8(CH150) පමණ දක්වා පරාසයක ලියාපදිංචි කරන ලද යතුරුපැදි අලෙවි වෙනවා

2.Kawasaki KLX250D Tracker D1,D2 – 1998-2007

තනි සිලින්ඩර DOHC 249cc four-Stroke 4 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගන්වූ මේ යතුරුපැදිය අශ්වබල 27කින් උපරිම වේගය 145kmph ලබා දෙනවා.

මෙහි මිල ලක්ශ 4.50 සිට ලක්ශ 6 දක්වා පරාසයක විහිදෙනවා.

Honda CBR 250RR MC22 (Gullarm) – 1986-1996

සිලින්ඩර හතරක DOHC 249cc four-stroke 16 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය 250cc කාණ්ඩයේ බලගතුම යතුරුපැදිය වෙන අතර අශ්වබල 45කින් උපරිම වේගය 190kmph ලබා දෙනවා.

මෙහි Standard body kit හා 600kit ලෙස දැනට ලංකාවේ දැකගත හැකි අතර ලක්ශ 4 සිට 5 පමණ පරාසයක මෙහි මිල සටහන් වෙනවා.

Honda AX-1 – 1987-1994

තනි සිලින්ඩර DOCH 249cc Four-stroke 4 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 29කින් උපරිම වේගය 150kmph ලබා දෙනවා.

මෙහි මිල ලක්ශ 2 පමණ සිට 4.50 වැනි පරාසයක විහිදෙනවා.

Suzuki 250SB Tracker 2002-2005

තනි සිලින්ඩර DOHC 249cc Four-stroke 4 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 29කින් උපරිම වේගය 155kmph ලබා දෙනවා.

Kawasaki D Tracker එකට බොහෝ සෙයින් සමාන උනද මිල ලක්ශ 3.50 සිට 5 වැනි පරාසයකයි විහිදෙන්නේ.

Honda CB250 Jade 1986-1996

සිලින්ඩර හතරක DOCH 249cc Four-stroke 16 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 40කින් උපරිම වේගය 180kmph ලබා දෙනවා.

මෙහි මිල පරාසය ලක්ශ 2.50 සිට 4 පමණ දක්වා විහිදෙනවා.

7.Honda XR 250 BAJA 1996-2005

තනි සිලින්ඩර DOHC 249cc four-stroke 4 valve වායු සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 28කින් උපරිම වේගය 140kmph ලබා දෙනවා.

මිල ලක්ශ 2.50 සිට 4 පමණ විහිදෙන අතර Supermoto ලෙස වෙනස් කරන ලද යතුරුපැදියක් ලක්ශ 6ක් ඉක්මවනවා.

Suzuki GSF400 Bendit 1989-1997

සිලින්ඩර හතරක DOHC 398cc four-stroke 16 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බලගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 50කින් උපරිම වේගය 180kmph ලබා දෙනවා.

Bendit මාදිලිය අනෙකුත් ජපන් යතුරුපැදි වලට සාපේක්ෂව දෝෂ වැඩි නිසා 400cc කාණ්ඩයේ මිල අඩුම යතුරුපැදිය ලෙසද හැදින්විය හැකි අතර මිල ලක්ශ 2 සිට 4 වැනි පරාසයක විහිදෙනවා.

Suzuki Djbel 250 (DR250RX) 1992-2007

තනි සිලින්ඩර DOHC 249cc four-stroke 4 valve Oil/Air සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 30කින් උපරිම වේගය 150kmph ලබා දෙනවා.

Suzuki GSF250 Bendit 1989-2000

සිලින්ඩර හතරක DOHC 248cc four-stroke 16 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 45කින් උපරිම වේගය 170kmph ලබා දෙනවා.

Bendit 400 හී සදහන් කලා වගේම මෙහිද මිල අනෙකුත් යතුරුපැදි වලට සාපේක්ෂව අඩු අතර ලක්ශ 1.60 සිට 2.50 වැනි පරාසයක මිල විහිදෙනවා.

මේ යතුරුපැදි නිශ්පාදනය මේ වෙනවිට සම්පූර්ණයෙන් නවත්වා ඇති අතර ප්‍රථම නිශ්පාදන වර්ශය හා අවසාන වර්ශය ලිපියේ සටහන් කර ඇති.
මීට අමතරව Spada,Magna,XRL,KLX,TTR මෙන්ම DT,TZR, වැනි 2T යතුරුපැදි ද මේ වෙනවිට සම්පූර්ණයෙන් නිශ්පාදනය නවත්වා ඇත.මීට අමතරව ලිපිය කියවන අය අතරින් තමන් දන්න නිශ්පාදනය නැවතූ ඒත් ලංකාවෙ දැකත හැකි යතුරුපැදි දන්නවා නම් මුල් හා අවසාන නිශ්පාදන වර්ශය ද සමග අදාල යතුරුපැදිය FB post එකේ comment කරන්න.

මෙහි ඇති මිල ගනන් යතුරුපැදියේ ස්ව්භාවය හා ලියාපදිංචි කර නොකර ඇති තත්ත්වය මත වෙනස් විය හැක

Wandi – වණ්ඩි උපුටා ගැනීමකි