කවුද බන් මේ චූටි කොල්ලා. මගේ කකුලක් තරම්වත් මහත නෑනේ කුසල් මෙන්ඩිස් කරපු දේට නිලියක් කුසල්ට කියපු දේ සියල්ල සාක්ෂි සමගම එලියට

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැන් වැටිලා තියෙන්නේ. හැබැයි තාමත් ලංකාවේ මිනිස්සු ක්‍රිකට් වලට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට අාදරෙයි. එ් ක්‍රීඩකයන්ගේ තියෙන මහත්මා ගතියට. හැබැයි මිනිස්සුන්ගේ අාශිර්වාදය නැති වුනොත් නම් ශ්‍රී ලංකා ක්‍රිකට් යන කල හිතාගන්නවත් බැරිවෙයි.

කණ්ඩායමට අැවිත් අවුරුද්දක්වත් නැති ක්‍රීඩකයෙක් නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හිතේ තියෙන ආදරේ හැඳි ගැවිලා යන දවස අත ළඟ වගේ පේනවා. ෆීනික්ස් කුරුල්ලෙක් වගේ කණ්ඩායම නැගිටින්න හදන වෙලේ මේ ක්‍රීඩකයාගේ අනඟ රැඟුම් නිසා කණ්ඩායමට ලොකු හානියක් වෙන්න පුළුවන්. එ් නිසායි ක්‍රිකට් සභාපතිතුමාගේ අවධානයට අපි මේ ගැන කතා කරන්න හිතුවේ.

අපි මේ කියන හැම කරුණක්ම ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කියලත් බොහොම වගකීමකින් අපි කියනවා.

මොරටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අාපු මේ ක්‍රීඩකයාගේ පියා ත්‍රීරෝද රථ රියදුරෙක්. තාත්තා අමාරුවෙන් ක්‍රිකට් වලට යැවුවත් පුතණ්ඩියා නම් අනඟ රැඟුම් වලින් තමයි නම තියන්න හදන්නේ.

අපිට ලැබුණු මුල්ම ආරංචියේ හැටියට මේ ක්‍රීඩකයා රූපලාවන්‍යාගාරයක් කරගෙන යන මැදිවියේ විවාහක කාන්තාවකට අමුතු දුරකථන අැමතුමක් දීලා තියෙනවා. “එන්න එන්න, එළියට එන්න. අපි ටිකක් කතා කරමු” කියලයි ක්‍රීඩකයා ඒ කාන්තාවට කියලා තියෙන්නේ. බලාගෙන යද්දී ඇය මේ ක්‍රීඩකයාගේ පවුලේ ලඟම හොඳම හිතවතියක්. ඒ නිසා ඇය සැමියාගේ මාර්ගයෙන් පවුලේ අයට කියලා, “පුතාව පරිස්සම් කර ගන්න” කියලා.

ලංකාවේ කාන්තාවෝ සේරම තමන්ගේ කියලා හිතන මේ අනංග ක්‍රීඩකයා එතනින් නවතින්නේ නෑ. ලංකාවේ ජනප්‍රිය නිළියක් වගේම නිරූපණ ශිල්පිණියකුටත් ඔහු බැල්ම දානවා. ලංකාවේ ක්‍රිකට්වලට ගොඩක් අාදරය කරන අැය ලංකාවේ තියෙන හැම තරඟයක්ම වගේ බලන්න යනවා.

කොහොම හරි එ් තරුණියගේ නම්බර් එක අරගෙන මේ අනංග ක්‍රීඩකයා අැයටත් කතා කරනවා. “අපි එළියෙදි මුණගැහෙමු. එන්න අපි සෙට් වෙමු” කියලා තමන්ගේ සල්ලාලකම ප්‍රදර්ශනය කරනවා. හැබැයි එ් නිළිය නම් යාලුවෝ එක්ක කියලා තිබ්බේ “කවුද බන් මේ චූටි කොල්ලා. මගේ කකුලක් තරම්වත් මහත නෑනේ.” කියලා.

තමන් තමයි දැන් ලංකාවේ බ්‍රැඩ්මන් කියලා හිතන් ඉන්න මේ චූටි ක්‍රීඩකයා එතනින් නවතින්නේත් නෑ. තමන්ගේ අසහනය නිසා ලංකාවම හඳුනන තවත් සුරූපී විවාහක තරුණියකට මාන බලනවා. වයිබර් හරහා ඇයටත් මේ අනංග ක්‍රීඩකයා අයතු යොජනා කරනවා. නමුත් එ් සැරෙත් ඔහුගේ කුරුමාණම සාර්ථක වෙන්නේ නෑ.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් වැඩියෙන්ම Social Media වල ඉන්නෙ ඔහු. අැටෙන් පොත්තෙන් එළියට එන්න කලින් මේ වගේ සෙල්ලම් දානවා නම් තව ටිකක් ඉස්සරහට යද්දී මොනවා නොකරයිද.

අලි අැතුන් පවා මඳ කිපෙන කාලෙට ගැට ගහලා තියෙනවා. ක්‍රිකට් සභාපතිතුමනි මේ ක්‍රීඩයා ගැනත් දැන්ම පියවරක් ගන්න වෙනවා. එහෙම නැති වුනොත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මෙච්චර කාලෙකට නොතිබුණ කලු පැල්ලමක් ඉක්මනටම වදින බව නම් විශ්වාසයි.

මේ ක්‍රීඩකයා වෙන කවුරුත් නෙමෙයි, පසුගිය දවසක පුහුණු සැසියකදි හොදට නිදාගෙන ඉදලා අහු වුන කුසල් මෙන්ඩිස්.

උපුටා ගැනීම – ජනයුගය පුවත්පත

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *